Archive for the ‘ලොව කිසිම අයෙක්ට විය නොහැකි අනතුරු වලින් මිය යාම’ Category

කණ පසාරු වෙන්න මාළුවෙක් පැනල ලෝකෙ කිසිම මිනිහෙක් මැරිල නැතුව ඇති. ලෝකෙ කිසිම ජාතියක් නොකරන තරම් සත්ව ඝාතන අපේ උන්ට ලොකු පින්කම්. හජ් වලට හම්බ බඩවල් ගඳ ගස්සන්න මස් හොයා ගන්න කෝටි ප්‍රොකෝටි ගණනින් සත්තු බිලි ගන්නෙ අපේ ඉස්ලාම් දහමින්. ඒ අනුව ඕනෑම තම්බියෙක් තරම් පව්කාරයෙක් ඇත්නම් ඒ තවත් තම්බියෙක්ම පමණයි. මොහොමඩ් අබ්දුල්ලා මෙහෙමයි තම්න්ගෙ පව් ගෙව්වෙ.

මාලදිවයින් ධීවරයාගේ මරණ පරීක්‍ෂණය
මුහුද යටින් මතුවූ කටු තියන මාළුවා අබ්දුල්ලාගේ කනට පැන්නා

මාළුවා කනේ හිරවුණා ඇදලා දැම්මහම ලේ ආවා
සාක්‍ෂිකරු

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

කටු සහිත මාළුවෙක්‌ කනට ඇනීම හේතුවෙන් මාලදිවයින් ජාතිකයකු මරුමුවට පත්වීමේ සිද්ධියක්‌ කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ පැවති සාක්‍ෂි විභාගයකදී අනාවරණය විය.

මෙලෙස මියගොස්‌ ඇත්තේ මාලදිවයින, ආර්. කන්චොල් හුඩිහු පදිංචිව සිටි මොහොමඩ් අබ්දුල්ලා (41) නමැති පස්‌දරු පියෙකි.

මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රµa රූමි මහතා හමුවේ පැවති අතර, එහිදී සාක්‍ෂි දුන් මියගිය අයගේ මස්‌සිනා වන අබ්දුල් වසීම් (48) යන අය මෙසේ පැවසීය.

මියගොස්‌ සිටින්නේ මගේ අක්‌කාගේ සැමියා. ඔහුට හා අක්‌කාට මාලදිවයිනේ දරුවෝ පස්‌ දෙනෙක්‌ සිටිනවා. දුවලා හතර දෙනයි, එක පුතයි. මියගිය මස්‌සිනා ධීවරයෙක්‌.

2014.06.18 වැනිදාත් ඔහු මාලදිවයින් දූපතක මාළු අල්ලන්න ගියා. ඔහු බෝට්‌ටුවෙනුත් යනවා. එහෙම නැත්නම් ඔහු මුහුද අයිනේ ඉඳන් මාළු අල්ලනවා. එදින දහවල් මුහුද අයිනේ මාළු අල්ලනකොට දිග කටු තිබෙන මාළුවෙක්‌ මුහුද යටින් ඇවිත් මතුවී මස්‌සිනාගේ කනට ඇන්නා.

ඔහුගේ කනෙන් ලේ ගලමින් තිබුණා. එවලේම ඔහුව අපි මාලදිවයින් දූපතේ ඇති පොඩි රෝහලකට ඇතුළත් කළා. එතැනින් මාලදිවයිනේ ඉන්දිරා ගාන්ධි රෝහලට මාරු කළා. එතැන දවසක්‌ ඉඳලා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට ගෙනියන ලෙස රෝහලෙන් කිව්වා. පසුව ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා. ඔහුගේ කනට දැඩි ලෙස තුවාල සිදුවී තිබුණා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගියා.

මෙහිදී සිද්ධිය ඇසින් දුටු අහමඩ් මොහොමඩ් (29) යන අය මෙසේ සාක්‍ෂි දෙමින් මෙසේ පැවසීය.

මාත්, මියගිය අයත් ධීවර රැකියාව කරන්නේ. අපි දිනපතාම ධීවර රැකියාවේ යෙදුණා. අපි බෝට්‌ටුවෙනුත් ගිහින් මාළු අල්ලනවා. එහෙම නැත්නම් මුහුද අයිනේ ඉඳන් මාළු අල්ලනවා.

2014.06.18 වැනිදා අපි දෙන්නම මුහුදු වෙරළ අයිනේ මාළු අල්ලමින් සිටියා. මා මුහුදු වෙරළේ සිටියා.

මියගිය එක්‌කෙනා ටිකක්‌ ඉදිරියට මුහුද අයිනට ගියා. ඔහුගේ බෙල්ල ළඟට මුහුදු වතුර තිබුණා. එහෙම ඉඳගෙන ඔහු මාළු දැලෙන් මාළු අල්ලමින් සිටියා. මා හිටියේ ඔහුගෙන් අඩි 10 ක පමණ දුරකින්.

එසේ සිටින විට එක පාරට දිග කටු තිබෙන උල් කටක්‌ තිබෙන මාළුවෙක්‌ මුහුද යට ඉඳන් මියගිය අයගේ කනට පැන්නා. එම මාළුවාගේ උල් කට හා දත ඔහුගේ කන ඇතුළට ගියා. එම මාළුවාගේ කට මියගිය අයගේ කන ඇතුළට ගිහින් හිරවුණා. එම මාළුවාගේ දිග අඩි භාගයක්‌ විතර ඇති.

එවලේම එම මාළුවාව ඔහු කනින් ඇදලා අරගෙන කෑගැසුවා. එවේලේ ඔහුගේ කනින් ලේ ගලන්නට වුණා. ඔහුට සිහිය නැතිව ගියා.

ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික මරණ පරීක්‍ෂක අෂ්රµa රූමි මහතා මෙම මරණය මාළුවකු කනට ඇනීම නිසා අධික ලෙස රුධිරය වහනය වීමෙන් සිදු වූ මරණයක්‌ බවට නිගමනය කළේය.

මරදාන පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් සෝමරත්න (49441) සහ පොලිස්‌ සැරයන් ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්‍ෂි මෙහෙය වූහ.