Archive for the ‘මොහොමඩ් සුකුර්ඩීන්ට නියන් පාර’ Category


හබය දුරදිග යයි එක්‌දරු පියාට නියනෙන් ඇන මරා දමයි ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු
තලංගම, ඇවරිහේන, කනත්ත පාර, කුරුඳුකන්ද පටුමග ප්‍රදේශයේ තනාගෙන යමින් තිබෙන තෙමහල් ගොඩනැඟිල්ලක සේවය කරමින් සිටි සේවකයන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස්‌වීමක්‌ දුරදිග යැමෙන් එක්‌ අයකු අනෙකාගේ දකුණු කලවා ප්‍රදේශයට නියනකින් ඇන මරාදමා ඇතැයි තලංගම පොලිසිය පවසයි.පසුගියදා රාත්‍රී සිදුවී ඇති මෙම සිද්ධියේදී ඝාතනයට ලක්‌වී ඇත්තේ මිනුවන්ගොඩ, ගල්ඔළුව පදිංචිව සිටි මොහොමඩ් සුකුර්ඩීන් (27) නමැති එක්‌දරු පියෙකි.
මෙම ඝාතනයට සම්බන්ධ 25 හැවිරිදි සැකකරු ඝාතනයට යොදාගත් නියනද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක්‌වූ අය හා සැකකරු එම තනාගෙන යමින් තිබූ තෙමහල් ගොඩනැඟිල්ලේ තීන්ත පින්තාරුකරුවන් ලෙස සේවය කළ අය බව හෙළිවිණැයි පොලිසිය කියයි.
මෙම ඝාතනයට ලක්‌වූ සේවකයා සහ සැකකාර සේවකයා අතර තෙමහල් ගොඩනැඟිල්ලේ දෙවැනි මහලේදී ඇතිවූ බහින් බස්‌ වීමක්‌ දුරදිග යැමෙන් පසු මෙම අපරාධය සිදුවී ඇතැයි පැවසේ.
සැකකරු මියගිය අයගේ දකුණු කලවා ප්‍රදේශයට දෙවතාවක්‌ නියනෙන් ඇන ඇතැයි හෙළිවී තිබේ.
බරපතළ තුවාල ලැබූ සේවකයා තලංගම කොස්‌වත්ත රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිට ඇත.
කඩුවෙල මහෙස්‌ත්‍රාත් වසන්ත ජිනදාස මහතා සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීය.
මේ පිළිබඳව නුගේගොඩ සහකාර පොලිස්‌ අධිකාරි කමල් පලිස්‌කාර මහතාගේ අධීක්‍ෂණය යටතේ තලංගම පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක උපුල් පෙරේරා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කේ. පී. කොඩිතුවක්‌කු මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන්වරුන් වන රුවන් (48874), අමරසේකර (67313), ගුණරත්න (2853), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන චින්තක (61133), සිරිවර්ධන (667), කරුණාරත්න (69118), රුවින්ද (76870), අරුණ (69607) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

 

http://www.divaina.com/2013/11/14/news27.html