Archive for the ‘උපවාස මාසය පුරා බෝම්බ ප්‍රහාර’ Category


ඉරාක බන්ධනාගාර දෙකකට ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌තයන් සිරකරුවන් 500 ක්‌ මුදාගනී
ඉරාකයේ අඹුගයිරබ් ඇතුළු බන්ධනාගාර දෙකකට ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ සිරකරුවන් 500 කට අධික පිරිසක්‌ මුදාගෙන ඇත.
මෙම ප්‍රහාරයේදී බන්ධනාගාර රැකවළුන් ඇතුළු 40 ක්‌ මියගොස්‌ තිබේ.
එහෙත් නිල නොවන ආරංචි මාර්ග දක්‌වන්නේ සිරකරුවන් 1000 ක්‌ පැනගොස්‌ ඇති බවයි.
මියගිය අයගෙන් 25 ක්‌ හමුදා භටයන්වේ.

 

http://www.divaina.com/2013/07/24/forign02.html


බැග්ඩෑග් කාර් බෝම්බයෙන් 33 දෙනෙකුට මරුට
බැග්ඩෑග් නගරයේ පුපුරා ගිය කාර් බෝම්බයකින් පුද්ගලයන් 33 දෙනෙකු මියගොස්‌ ඇත.
මෙම බෝම්බය පුපුරා ගොස්‌ ඇත්තේ බැග්ඩෑඩයේ ෂියා මුස්‌ලිම්වරුන් වෙසෙන ප්‍රදේශයකය.
ජුලි 10 වැනිදා මුස්‌ලිම්වරුන්ගේ උපවාස මාසය ආරම්භ වූ දින සිට මේ දක්‌වා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 230 ක්‌ මියගොස්‌ ඇත.
ඉරාකයේ සුන්නි ෂියා ගැටුම් උග්‍රවී ඇති නිසා රට නැවතත් අරාජික වී ඇතැයි විදේස්‌ මාධ්‍ය කියයි.

 

 

 

 

 

 

http://www.divaina.com/2013/07/22/forign02.html