Archive for the ‘බුරුමයට බලෙන් ඇතුළු වීම’ Category



මුම්බායි ප්‍රහාරයට වගකිව යුතු අඡ්මාල් කසාබ්ට
සමාවදීම ඉන්දීය රජය ප්‍රතික්‍ෂේප කරයි

මුම්බායිහි ප්‍රහාරයට ප්‍රදේශයට වගකිවයුතු ත්‍රස්‌තවාදීයෙකු වන අඡ්මාල් කසාබ්ට සමාව දීම ඉන්දීය රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. ඉන්දීය අධිකරණය විසින් මොහුට මරණ දඩුවම නියම කර තිබුණි. ඊට එරෙහිව පෙත්සමක්‌ ගොනු කල කසාබ් තමාට සමාව දෙන්නැයි ඉල්ලා ඇත. එහෙත් ඉන්දීය රජය විසින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බව දක්‌වමින් අධිකරණය වෙත ලිsපියක්‌ යවා තිබේ.

 

http://www.divaina.com/2012/10/25/forign03.html

 



බුරුමයේ බෞද්ධ – මුස්‌ලිම් ගැටුම් යළිත් උග්‍රවේ
112 ක්‌ මරුට – නිවාස දෙදහසක්‌ ගිනිබත්

බුරුමයේ රකීන් ප්‍රාන්තයේ බෞද්ධ මුස්‌ලිම් ගැටුම් යළිත් උග්‍ර වී ඇත.

රකීන් බෞද්ධයන් හා රෝහින්ගා මුස්‌ලිම්වරුන් අතර ඇතිව තිබෙන ගැටුම් වලින් 112 ක්‌ මියගොස්‌ තවත් 72 ක්‌ තුවාල ලබා ඇත.

මේ ගැටුම් නිසා නිවාස දෙදහසක්‌ ගිනිබත් වී ඇත.

පසුගිය ජුනි මාසයේදී බෞද්ධ මුස්‌ලිම් ගැටුමක්‌ ඇති වූ අතර එහිදී ද 90 දෙනෙක්‌ මරණයට පත් වී නිවාස තුන්දහසක්‌ ගිනිබත් කරන ලදී.

මේ අතර බංග්ලාදේශ රජය පවසන්නේ බුරුමයෙන් පලා එන රෝහින්ගා මුස්‌ලිම්වරුන් භාර ගැනීමට තමන් සූදානම් නැති බවය.

 

http://www.divaina.com/2012/10/29/forign01.html