Archive for the ‘ඇෆ්ගනිස්‌තානය’ Category


තලෙබාන් බෝම්බ ප්‍රහාරයෙන් එකම පවුලේ 14 ක්‌ නසිති
නැගෙනහිර ඇෆ්ගනිස්‌තානයේ සුසාන භූමියක පුපුරා ගිය බෝම්බයකින් එකම පවුලේ 14 දෙනකු මියගොස්‌ ඇත.
මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ පකිස්‌තානයේ නන්ගහාර් ප්‍රාන්තයේය.
මෙම ප්‍රහාරයෙන් මියගොස්‌ ඇත්තේ එම ප්‍රාන්තයේ නියෝජ්‍ය පොලිස්‌ ප්‍රධානියාගේ පවුලේ සාමාජිකයන්ය.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ තලෙබාන් සංවිධානය විසින් බව පොලිසිය කියයි.

 

 

 

 

 

http://www.divaina.com/2013/08/12/forign04.html

 


ඉරාකයේ බෝම්බ පිපිරීම් වැලක්‌
52 ක්‌ මරුට

ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයන් 52 ක්‌ මියගොස්‌ තිබේ. මෙම ප්‍රහාරවලින් සුන්නිවරුන් මෙන්ම ෂියාවරුන්ද මරණයට පත්වී තිබේ.
මෙම වසරේ රාමසාන් උපවාස මාසයේදී සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 671 ක්‌ මරණයට පත්වී ඇත.
මෙම ප්‍රහාර මාලාව සිදුව ඇත්තේ සෙනසුරාදා දිනයේය.

 

 

http://www.divaina.com/2013/08/12/forign05.html

 


ඊජිප්තුවේ ඉස්‌ලාමීය අන්තවාදීන් සහ පොලිසිය අතර වූ ගැටුමින් 300ක්‌ මරුට
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොර්සිට පක්‍ෂපාත පිරිස හා පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් 300 කට අධික පිරිසක්‌ මිය ගොස්‌ ඇත. මිය ගිය පිරිස අතර පොලිස්‌භටයන් 42 ක්‌ ද වේ. නසාර් නගරයේ රාමා මුස්‌ලිම් දේවස්‌ථානය අසල රංචු ගැසී සිටි විරෝධතාකරුවන් පොලිසිය වෙත පැට්‌රල් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.
ඔවුන් පොලිස්‌ ස්‌ථාන, ක්‍රිස්‌තියානි පල්ලි හා රජයේ කාර්යාලවලටද ප්‍රහාර එල්ල කර තිබේ.
පැය 12 ක්‌ තිස්‌සේ පැවැති ගැටුම්වලින් පසු පොලිසිය නසාර් නගරයේ පාලනය සියතට ගෙන ඇත.
විරෝධතාකරුවන්ට තවදුරටත් ක්‍රියාකිරීමට ඉඩදිය නොහැකි යෑයි අගමැති ගයන් බෙබ්ලාම් ප්‍රකාශ කර ඇත

http://www.divaina.com/2013/08/16/forign01.html

 


තලෙබාන් ප්‍රහාරවලින් සිවිල් වැසියෝ 17ක්‌ මරු දකිති
තලෙබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් වැසියන් 17 දෙනකු මරුමුවට පත් වී ඇත.
මේ සාමාන්‍ය වැසියන් බෝම්බ ප්‍රහාර වලින් මෙන්ම වෙඩි ප්‍රහාරවලින් මරුමුවට පත්වී තිබේ.
එක්‌ ප්‍රහාරයකදී මාර්ග ඉදිකිරීමේ කඳවුරක සේවය කළ කම්කරුවන් 9 දෙනකු ඝාතනය විය.
එරට රජය පවසන්නේ ඇෆ්ගනිස්‌තානයේ සතුරන් විසින් මේ ප්‍රහාර එල්ල කර ඇති බවයි.

http://www.divaina.com/2013/08/19/forign05.html

 


ඊජිප්තුවේ ගැටුම්වලින් 750 ක්‌ මරුට

හමුදාව සමග ඇතිවූ ගැටුම්වලදී මියගිය ඊජිප්තු ජාතිකයන්ගේ මළ සිරුරු අසල වැළපෙන ඔවුන්ගේ ඥතීන් ඡායාරූපයේ දැක්‌වේ. මෙම ගැටුම්වලදී ඊජිප්තු ජාතිකයන් සිය ගණනක්‌ ඝාතනය විය.
පසුගිය දින කිහිපය තුළ ඊජිප්තුවේ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 750 ක්‌ මරණයට පත් වී ඇත.
ප්‍රංශ පුවත් සේවයේ වාර්තා අනුව ජුනි 26 වැනිදා සිට මේ දක්‌වා ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 1042 ක්‌ මරණයට පත් වී තිබේ.
හිටපු ජනපති මොහොමඩ් මොර්සිගේ ආධාරකරුවන් හා හමුදාව අතර පසුගිය දින කිහිපය පුරාම ගැටුම් ඇතිවිය.
ඊජිප්තු අන්තර්වාර රජය පවසන්නේ ත්‍රස්‌තවාදීන් මර්දනය කරන බවයි.

http://www.divaina.com/2013/08/19/forign01.html

 


විරෝධතාකරුවන්ට වෙඩි තැබූ මුස්‌ලිම් බ්‍රදර්හුඩ් නායක මොහමඩ් බැඩී අත්අඩංගුවට ගනී
ඊජිප්තුව තුල විනාශකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට සැලසුම් කළ බව කියන අන්තවාදී මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ ප්‍රධානී මොහමඩ් බැඩී හමුදා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බැඩීව මුදාහරින ලෙස මුස්‌ලිම් බුදර්හුඩ් සංවිධානය කළ ඉල්ලීම ඊජිප්තු හමුදා පාලනය ප්‍රතික්‍ෂේප කර තිබේ.
පසුගිය ජුලි මාසයේදී හිටපු ජනාධිපති මුර්සිට එරෙහිව විරෝධතා දැක්‌ වූ පිරිස්‌ ඝාතනය කිරීම ගැන බැඩීට චෝදනා එල්ල වී ඇත.
මේ අන්තවාදී මුස්‌ලිම් නායකයාව දින 30 ක්‌ දක්‌වා අත්අඩංගුවේ තබන ලෙස රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා නියෝග කර තිබේ.

http://www.divaina.com/2013/08/22/forign02.html

 


සිරියාවේ නගර තුනකට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 1300 ක්‌ මරුට


සිරියානු හමුදා එල්ල කළ බව කියන රසායනික අවි ප්‍රහාරයකින් 1300 කට අධික පිරිසක්‌ මිය ගොස්‌ ඇත.
මියගිය පිරිස අතර වැඩි දෙනා ළමුන්ය. දමස්‌කස්‌ නුවර අසල පිහිටි අයින් ටමාටා සමල්කා යන පෝඛාන් යන නගරවලට මෙකී ප්‍රහාරය එල්ල වී ඇත.
ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ නගර වාසීහු නිදාසිටි බව කියති. මියගිය අප අතර ළමුන් හා කාන්තාවන් 213 ක්‌ද සිටින බව වාර්තාවේ.
මෙම සිද්ධිය ගැන බටහිර රටවල් පරීක්‍ෂණ අරඹා ඇත.

 

http://www.divaina.com/2013/08/23/forign01.html



විදේශ හමුදා ඉවත් වූ පසු ඇෆ්ගනිස්‌ථානය අස්‌ථාවර වේ

2014 දී ඇෆ්ගනිස්‌ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් වූ පසු එරට අස්‌ථාවර විය හැකි බව ජාත්‍යන්තර අර්බුද හවුල පවසයි.

විදේශ හමුදා ඇෆ්ගනිස්‌ථානයෙන් ඉවත් වූ පසු එරට රජය කඩා වැටී සිවිල් යුද්ධයක්‌ පවා ඇති විය හැකි බව එම සංවිධානය කියයි

කෙසේ නමුත් මේ වාර්තාව ඇෆ්ගන් රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

වසර පන්දහසක ඉතිහාසයක්‌ ඇති ඇෆ්ගනිස්‌ථානයේ ස්‌වෛරීභාවය ආරක්‌ෂා කිරීමට එරට ආරක්‌ෂක අංශ සමත් බව එරට රජය කියයි. – මෙන්න ලැජ්ජ බය නැතිව කියන නින්දිත ඉස්ලාම් රාජ්‍ය බොරු. ඉස්ලාමයට වයසත් 1400ක් වූ කල අපි බලෙන් අල්ලාගත් ඒ රට වසර 5000ක් ස්වෛරී වුනා කිව්වම හතර බීරි කථාවක්නෙ යකෝ ඒක?

http://www.divaina.com/2012/10/09/forign04.html

 



බංගලදේශයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට
53.5ක්‌ අපරාධකාරී ක්‍රියාවලට සම්බන්ධයි

– විමර්ශන වාර්තාවකින් හෙලිවේ

බංගලදේශයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 53.5 ක්‌ අපරාධකාරී ක්‍රියාවල නිරත වන බව සමීක්‍ෂණයකින් හෙළිවේ.

මිනීමැරීම, ඉඩම් කොල්ලකෑම්, වංචාකිරීම්, කප්පම් ගැනීම් සහ ටෙන්ඩර් වංචාවලට මොවුන් සම්බන්ධ යයි ටී. අයි.බී. සංවිධානය කියා සිටී.

මේ හැර සියයට 97 ක්‌ මන්ත්‍රීවරු සංවර්ධන අරමුදල් අයථා ලෙස භාවිතා කිරීම, පාසල් පාලනය කිරීම හා රජයේ පාලනයටද මැදිහත්වන බව හෙළි වී ඇත.

බංගලදේශයේ මන්ත්‍රීවරුන් 149 න් සම්බන්ධයෙන් මේ විමර්ශනය පවත්වා තිබේ.

http://www.divaina.com/2012/10/17/forign01.html



ඇෆ්ගනිස්‌තානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බුද්ධි ප්‍රධානියා වේ

මත්ද්‍රව්‍ය ජාවාරමට හා දූෂණ ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ අසතුල්ලා කාලිද් ඇෆ්ගනිස්‌තානයේ බුද්ධි සේවා ප්‍රධානියා ලෙස ජනාධිපති විසින් පත්කර ඇත.

ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කරාසිගේ සගයකු වන අසතුල්ලා කහන්දාර් ප්‍රදේශයේ ආණ්‌ඩුකාරයා ද වේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

 

http://www.divaina.com/2012/09/05/forign05.html