Archive for the ‘ඉස්ලාම් මාධ්‍යවේදීන් මර්ධනය’ Category



තාලිබාන් ත්‍රස්‌තවාදීහු බලුකිස්‌තාන් ප්‍රාන්තයේ
පෝලියෝ එන්නත දුන් සෞඛ්‍ය නිලධාරියාවද
ඝාතනය කරති

පකිස්‌ථානයේ බලුකිස්‌තානයේ කුවේටා නගරයේ පෝලියෝ එන්නත ලබාදීමට ක්‍රියා කළ සෞඛ්‍ය නිලධාරියාවද තාලිබාන් ත්‍රස්‌තයන් විසින් මරා දමා ඇත.

මෙම ප්‍රදේශයේ පෝලියෝ එන්නතදීම තාලිබාන් ත්‍රස්‌තයන් විසින් තහනම් කර තිබේ. කුවේටා නගරයේ පෝලියෝ රෝගය වලක්‌වා ගැනීම සඳහා පකිස්‌ථානය රජය විසින් දින තුනක වැඩ පිළිවෙලක්‌ අරඹා තිබුණි.

http://www.divaina.com/2012/10/19/forign03.html



තාලිබාන් ත්‍රස්‌තවාදීහු පාකිස්‌තාන්
මාධ්‍යවේදීන්ට තර්ජනය කරති

පාකිස්‌තානයේ ලාහෝර් – කරච්චි – රාවල්පින්ඩි යන ඉස්‌ලාමාබාද් යන නගරවල ක්‍රියාත්මක වන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරන්නැයි තෙහෙරෙක්‌ තාලිබාන් සංවිධානයයේ නායක හකිමුල්ලා මෙෂූද් විසින් නියෝග කර ඇත.

මෙම නියෝගය ඇතුළත් රහස්‌ පණිවුඩය පකිස්‌ථාන් බුද්ධි සේවා විසින් අසුකරගත් බව වාර්තා වේ.

තාලිබාන් නායකත්වය විසින් මලාලා යුසුµaසායි නැමැති දැරියව ඝාතනය කිරීමට උත්සාහ කිරීම ගැන පකිස්‌ථාන් මාධ්‍ය විසින් විවේචනය කර තිබුණි.

තාලිබාන් ත්‍රස්‌තයන්ගේ මේ තර්ජනය ගැන පකිස්‌ථාන පුවත්පත් සමාජය විසින් මාධ්‍යවේදීන්ට අනතුරු අඟවා ඇත.

http://www.divaina.com/2012/10/24/forign05.html



තාලිබාන් ත්‍රස්‌තවාදීන් ගැන ජනමත විචාරණයක්‌

පකිස්‌ථාන් ජනතාව තාලිබාන් සංවිධානයට කැමැත්තක්‌ දක්‌වන්නේද යන්න ගැන දැන ගැනීම සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීමට එම්. කිව් එම්. පක්‍ෂයේ තීරණය කර ඇත.

පකිස්‌ථාන් ජනතා පක්‍ෂයේ සම්බන්ධව එම්. කිව්. ඇම්. පක්‍ෂය පවසන්නේ තාලිබාන් සංවිධානයේ ඝාතන ක්‍රියාදාමයන් ජනතාව අනුමත කරන්නේද නැද්ද යන්න කිවයුතු බවයි.

මෙම ජනමත විචාරණය සම්බන්ධයෙන් ඒකී එම්. කිව් ඇම්. පක්‍ෂයට ප්‍රහාර එල්ල කරන බව තාලිබාන් සංවිධානය කියා සිටී.

http://www.divaina.com/2012/10/24/forign05.html