Archive for the ‘දුව දෙවැනි අඹුව කර ගැනීම’ Category

බිරිඳ රැකියාවට ගිය විටදී දියණියට අතවර කළ සැමියා අත්අඩංගුවට

වාද්දුව – සිරිසෝම සුසෙව්හේවා

තම බිරිඳ රැකියාවක්‌ සඳහා නිවසින් පිටවී සිටියදී දියණිය ලිංගික ක්‍රියාවලියකට යොදාගත් පුද්ගලයෙකු පානදුර දකුණු පොලිසිය මගින් 22 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතවරයට මුහුණපා ඇත්තේ පානදුර අම්බලන්දූවේ පදිංචි 11 වියෑති මුස්‌ලිම් බාලිකාවකි.

මේ සම්බන්ධයෙන් පානදුර දකුණු පොලිසිය මගින් එම බාලිකාවගේ පියා වන 40 හැවිරිදි මුස්‌ලිම් පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙකු බව අනාවරණය වී තිබේ.

අතවරයට පත් බාලිකාව වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කර ඇති අතර එම පරීක්‍ෂණයේදී ඇයගේ පිවිතුරු භාවයට හානිවී ඇති බව අනාවරණය වී තිබේ.

සැකකාර පුද්ගලයා ඊයේ (23 දා) පානදුර මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර පානදුර දකුණ පොලිසියේ කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

http://www.divaina.com/2014/04/26/provin09.html