Archive for the ‘ඊජිප්තුවේහොස්‌නි මුබාරක්‌’ Category

ඉස්ලාම් සමාජයට ආවේනික බ්ලැක්විඩෝ ක්‍රියාකාරිත්වය තම්බියෙක් වශයෙන් මට නම් රහසක් නෙවෙයි. ඒක මම කලිනුත් පෙන්නුවනේ. මේ තියෙන්නෙ ලඟදිම වෙච්ච් සීන් එක. කොහොමද ඉස්ලාම් වැඩ? කෆීර්ලට හිතන්න වත් පුළුවන්ද?

blackwidow


මෝර්සිට පරාජය හමුදාවට ජය


මොහොමඩ් මෝර්සි ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත්වූ පළමු ජනපතිවරයාය. නමුත් ඔහු දැන් සිටින්නේ හමුදා අත්අඩංගුවේය. ජනපතිධුරය හමුදාව විසින් උදුරාගෙන එම ධුරයට එරට අගවිනිසුරු අර්ඩ්ලි මන්සූර්ව පත් කරනු ලැබ ඇත. ඊජිප්තුවේ අන්තර්වාර ජනපති මන්සූර් ඉකුත් 4 වැනිදා පෙරවරු 10 ට දිවුරුම් දෙනු ලැබිණි.
වසර දෙකක කාලයක්‌ පුරා ඊජිප්තුවේ පැවැතියේ සාමකාමී දේශපාලන වාතාවරණයක්‌ නම් නොවේ. රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ නිසා එරට අභ්‍යන්තර වියවුල් වැඩි විය. එම නිසාම රට ස්‌ථාවර කිරීමට හමුදාවට මැදිහත්වීමට සිදු විය. ඇත්තෙන්ම ඉකුත් බදාදා රාත්‍රියේ ඊජිප්තුවේ සිදුවූයේ හමුදා කුමන්ත්‍රණයකි. දහස්‌ ගණන් ජනතාව කයිරෝ නුවර තහීර් චතුරශ්‍රයේදී මෝර්සි ජනපතිවරයාට එරෙහිව උද්ඝෝෂණය කරද්දී එරට හමුදාපති ජෙනරාල් අබ්දුල් µටා අල් සිසි නිවේදනය කර සිටියේ තවදුරටත් මෝර්සි ජනපති බලයේ රැඳී නොසිටින බවයි. ඒ ප්‍රකාශයත් සමග කයිරෝ අහස පුරාම ගිණි කෙළි වලින් ඒකාලෝක විය. හමුදාපතිවරයා මෝර්සි ජනපතිවරයාව ධුරයෙන් ඉවත් කරනු ලැබූ බව රූපවාහිනිය මගින් සජීවීව ප්‍රකාශ කරද්දී ඔහුගේ පිටුපසින් එරට ප්‍රධාන ආගමික පූජකවරු රැසක්‌ම වාඩිවී සිටියහ. හමුදාව ඊජිප්තු ජනතාව වෙනුවෙන් දේශප්‍රේමී ක්‍රියාවක්‌ සිදුකළ බව ජෙනරාල්වරයා නිවේදනය කර සිටියේය.
ඉකුත් බදාදා දිනයේ දවස පුරාම මෝර්සි ජනපතිවරයා හා හමුදාපති අතර සාකච්ඡා වට කිහිපයක්‌ පැවතුනද මෝර්සි ජනපතිවරයා අවධාරණය කර සිටියේ තමා මේ ධුරයෙන් ඉල්ලා අස්‌වීමට කොහෙත්ම සූදානමක්‌ නැති බවය. ක්‍රමයෙන් සවස්‌ යාමය එළඹෙද්දී කයිරෝ නගරයේ වැදගත් ස්‌ථාන විශේෂයෙන්ම ජනපති මන්දිරය හා අවට හමුදා භටයින් මෙන්ම යුද ටැංකි ද ස්‌ථානගත වනු දක්‌නට ලැබිණි. එමෙන්ම නගරයේ ප්‍රධාන පාලම් මතද හමුදා මාර්ග බාධක ඉදිවනු දක්‌නට ලැබිණි. රාත්‍රී 7 ට හමුදාව ඊජිප්තුවේ 5 වැනි ජනපතිට දන්වා සිටියේ තවදුරටත් ඔහු රටේ නායකයා නොවන බවයි. විශේෂ හමුදා කණ්‌ඩායමක්‌ විසින් මොහුව රහසිගතව ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත රැගෙන යනු ලැබිණි.
ජනපතිවරයා ධුරයෙන් පහ කිරීමේ හමුදා කුමන්ත්‍රණය දියත් වෙද්දී ඔහුගේ පක්‍ෂය එනම් මුස්‌ලිම් සහෝදරත්වයට අයත් රූපවාහිනී මධ්‍යස්‌ථානය මෙන්ම අල්ජසීරාවේ ඊජිප්තු චැනලය ක්‍රියාත්මක වන කාර්යාලයද හමුදා භට පිරිස්‌ විසින් වටලා එහි විකාශන කටයුතු නතර කරනු ලැබිණි. හමුදාව ගන්නා ක්‍රියාමාර්ග නීති විරෝධී බව ජනපති මෝර්සි ගේ කාර්යාලය මගින් නිකුත් කරනු ලැබූ වීඩියෝ පටයක සඳහන් විය. මෙම වීඩියෝ පටය මෝර්සිට සහය දක්‌වන උද්ඝෝෂණ කරුවන් අතර බෙදාහරිනු ලැබීය. කෙසේ නමුත් මේ වන විට ජනපති මන්දිරය සම්පූර්ණයෙන්ම හමුදාව විසින් වටකර තිබිණි.
ජනපති බැරක්‌ ඔබාමා නම් ඊජිප්තු හමුදාව ගත් මේ ක්‍රියාමාර්ගය පිළිබඳව කලබල වූ අතර ඊජිප්තු වෙනුවෙන් ලබාදීමට තීරණය කර තිබූ ඩොලර් බිලියන 1.5 පිළිබඳව නැවත වරක්‌ හොඳින් විවරණය කරන්නැයි ඔහු සිය බලධාරීන්ට දැනුම් දුන්නේ මෝර්සි ජනපතිවරයාගේ තටු කපා දමා ඇති බැවිණි. සාමාන්‍යයෙන් ඇමරිකාව ආධාර ලබාදෙන ඕනෑම රටක හමුදා කුමන්ත්‍රණයක්‌ සිදුවුවහොත් එම ආධාර අත්හිටුවීමට වොෂින්ටනය ක්‍රියාකරයි. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් ප්‍රකාශ කර සිටියේ ඊජිප්තුවේ වර්තමානයේ මතුව ඇති භයානක තත්ත්වය නිසා සෑම දෙනාම කල්පනාකාරී විය යුතු බවත් ලේ වැගිරීම් වළක්‌වා ගැනීමට කටයුතු කළ යුතු බවත්ය.
ඇත්තෙන්ම ඊජිප්තුවේ සිවිල් යුද්ධයක්‌ ඇතිවීමේ අවදානමක්‌ද මතුව ඇතැයි විදෙස්‌ මාධ්‍ය කියයි. විශේෂයෙන්ම ජනපතිවරයා ධුරයෙන් පහ කිරීමෙන් පැය කිහිපයකට පසු ඇතිවූ ගැටුම් වලදී පුද්ගලයන් 14 දෙනෙක්‌ මරුමුවට පත් විය. මුස්‌ලිම් සහෝදරත්වය පක්‍ෂයට ජිහාඩ් සාමාජිකයන් ගෙන් සැදුම්ලත් අන්තවාදී කොටස්‌ සිටින අතර ඔවුන් පවසන්නේ තම නායකයා වෙනුවෙන් සටන් කරන බවය. 2011 පෙබරවාරි මාසයේ මිලියනයකට අධික පිරිසක්‌ ඊජිප්තු අග නගරයේ උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ පුරා වසර 30 ක්‌ එරට පාලනය කළ හොස්‌නි මුබාරක්‌ට ඉල්ලා අස්‌වන ලෙසය.
1981 ඔක්‌තෝම්බර් 06 වැනිදා අන්වර් සදාත් ජනපතිවරයා මුස්‌ලිම් අන්තවාදී හමුදා නිලධාරියකුගේ වෙඩි පහරින් මරුමුවට පත්වීමෙන් පසුව තනතුරට හොස්‌නි මුබාරක්‌ පත්විය. එහෙත් 2011 දී ඇතිවූ අරාබි වසන්තය ටියුනීසියාවේ ජනපති බෙන් අලීට මෙන්ම හොස්‌නි මුබාරක්‌ටත් අවාසනාව ගෙන ආවේය. අද පිළිකා රෝගියකු වන හොස්‌නි මුබාරක්‌ සිරගතව සිටී. 2011 ජනවාරි 25 වැනිදා හොස්‌නි මුබාරක්‌ට එරෙහිව මහජන උද්ඝෝෂණය ආරම්භ වූ අතර එයින් සති දෙකකට පසුව එනම් පෙබරවාරි 11 වැනිදා හමුදාවේද මැදිහත්වීම මත ඔහු ධුරයෙන් ඉල්ලා අස්‌විය. එයින් පසුව 2012 ජනවාරි මාසයේදී මුස්‌ලිම් සහෝදරත්වය පාර්ලිමේන්තුව ජයගත් අතර 2012 ජුනි මස 30 වැනිදා ඊජිප්තුවේ පස්‌වැනි ජනපති ලෙස මොහොමඩ් මෝර්සි දිවුරුම් දුන්නේය.
මෝර්සි 61 හැවිරිදි පුද්ගලයකු වන අතර පස්‌දරු පියෙකි. කයිරෝ විශ්ව විද්‍යාලයෙන් මෙන්ම දකුණු කැලිෙµdaර්නියා විශ්වවිද්‍යාලයෙන්ද උසස්‌ අධ්‍යාපනය ලබා ඇති හෙතෙම 2012 ජුනි මාසයේ පැවැති ජනපතිවරණයේදි සිය ප්‍රතිවාදියාවූ අහමඩ් ශµSක්‌ පරදවා ඡන්ද 51.7% ක ප්‍රතිශතයක්‌ ලබා ජනපති ධුරයට හිමිකම් කියනු ලැබීය. කවරක්‌ නමුත් ඔහු 2012 නොවැම්බර් මාසයේදී විශේෂ විධායක බලතල රැසක්‌ තමා වෙත පවරා ගැනීම හමුදාවේ සතුටට හේතුවූයේ නම් නැත. එදා 2011 දී මුබාරක්‌ ජනපතිට එරෙහිව ඇතිවූ මහජන උද්ඝෝෂණ මෙන්ම ඉකුත් ජුනි 30 වැනිදා සිට කයිරෝ නුවර තහීර් චතුරශ්‍රය ලක්‍ෂ ගණනක ජනයාගෙන් පිරෙන්නට විය. ඔවුන් ඉල්ලා සිටියේ මෝර්සි ජනපතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවයි. මහජන උද්ඝෝෂණ වඩාත් සීග්‍රවත්ව ලේ වැගිරීම්ද වැඩිවන්නට විය. මෝර්සි ජනපතිට පක්‍ෂපාතීවද තවත් දහස්‌ ගණනක්‌ වීදි බැස උද්ඝෝෂණය කරන්නට විය. රට අරාජිකවනු දැක වහාම ජෙනරාල් සිසිගේ හමුදාව මැදිහත්විය. මෝර්සි අත්අඩංගුවට පත්විය. මුස්‌ලිම් සහෝදරත්වය පක්‍ෂය ප්‍රකාශ කරන්නේ මේ අවස්‌ථාවේදී හමුදාව එක්‌ පැත්තක්‌ පමණක්‌ ගෙන ක්‍රිsයාකර ඇති බවයි. තහීර් චතුරශ්‍රයේ මෝර්සිට විරුද්ධව උද්ඝෝෂණය කළ ඕමාර් ෂෙරීප් පවසන්නේ “මේක ඓතිහාසික අවස්‌ථාවක්‌ අපි මෝර්සිවත් මුස්‌ලිම් සහෝදරත්වයත් පරාජය කළා” යනුවෙනි.
අරාබි වසන්තය හරහා බලයට පැමිණි මොහොමඩ් මෝර්සිද බලයෙන් පහකර ඇත. ඉදිරියට සිදුවන්නේ කුමක්‌ද? මේ නිසා නැවතත් ඊජිප්තුව අස්‌ථාවර වෙයිද අරාබි ලෝකයම අද අස්‌ථාවර වී ඇත. සිරියාව ගිණිගෙන දැවෙයි. මේ අවුල කොතනින් නතරවේදැයි කිව නොහැක.
චතුර පමුණුව

http://www.divaina.com/2013/07/07/forign.html