Archive for the ‘ඉස්ලාම් සමාජය විසින් මරා කන ඉස්ලාම් නායකයෝ’ Category

ඉස්ලාම් සමාජයට ආවේනික බ්ලැක්විඩෝ ක්‍රියාකාරිත්වය තම්බියෙක් වශයෙන් මට නම් රහසක් නෙවෙයි. ඒක මම කලිනුත් පෙන්නුවනේ. මේ තියෙන්නෙ ලඟදිම වෙච්ච් සීන් එක. කොහොමද ඉස්ලාම් වැඩ? කෆීර්ලට හිතන්න වත් පුළුවන්ද?

blackwidow


මෝර්සිට පරාජය හමුදාවට ජය


මොහොමඩ් මෝර්සි ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත්වූ පළමු ජනපතිවරයාය. නමුත් ඔහු දැන් සිටින්නේ හමුදා අත්අඩංගුවේය. ජනපතිධුරය හමුදාව විසින් උදුරාගෙන එම ධුරයට එරට අගවිනිසුරු අර්ඩ්ලි මන්සූර්ව පත් කරනු ලැබ ඇත. ඊජිප්තුවේ අන්තර්වාර ජනපති මන්සූර් ඉකුත් 4 වැනිදා පෙරවරු 10 ට දිවුරුම් දෙනු ලැබිණි.
වසර දෙකක කාලයක්‌ පුරා ඊජිප්තුවේ පැවැතියේ සාමකාමී දේශපාලන වාතාවරණයක්‌ නම් නොවේ. රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ නිසා එරට අභ්‍යන්තර වියවුල් වැඩි විය. එම නිසාම රට ස්‌ථාවර කිරීමට හමුදාවට මැදිහත්වීමට සිදු විය. ඇත්තෙන්ම ඉකුත් බදාදා රාත්‍රියේ ඊජිප්තුවේ සිදුවූයේ හමුදා කුමන්ත්‍රණයකි. දහස්‌ ගණන් ජනතාව කයිරෝ නුවර තහීර් චතුරශ්‍රයේදී මෝර්සි ජනපතිවරයාට එරෙහිව උද්ඝෝෂණය කරද්දී එරට හමුදාපති ජෙනරාල් අබ්දුල් µටා අල් සිසි නිවේදනය කර සිටියේ තවදුරටත් මෝර්සි ජනපති බලයේ රැඳී නොසිටින බවයි. ඒ ප්‍රකාශයත් සමග කයිරෝ අහස පුරාම ගිණි කෙළි වලින් ඒකාලෝක විය. හමුදාපතිවරයා මෝර්සි ජනපතිවරයාව ධුරයෙන් ඉවත් කරනු ලැබූ බව රූපවාහිනිය මගින් සජීවීව ප්‍රකාශ කරද්දී ඔහුගේ පිටුපසින් එරට ප්‍රධාන ආගමික පූජකවරු රැසක්‌ම වාඩිවී සිටියහ. හමුදාව ඊජිප්තු ජනතාව වෙනුවෙන් දේශප්‍රේමී ක්‍රියාවක්‌ සිදුකළ බව ජෙනරාල්වරයා නිවේදනය කර සිටියේය.
ඉකුත් බදාදා දිනයේ දවස පුරාම මෝර්සි ජනපතිවරයා හා හමුදාපති අතර සාකච්ඡා වට කිහිපයක්‌ පැවතුනද මෝර්සි ජනපතිවරයා අවධාරණය කර සිටියේ තමා මේ ධුරයෙන් ඉල්ලා අස්‌වීමට කොහෙත්ම සූදානමක්‌ නැති බවය. ක්‍රමයෙන් සවස්‌ යාමය එළඹෙද්දී කයිරෝ නගරයේ වැදගත් ස්‌ථාන විශේෂයෙන්ම ජනපති මන්දිරය හා අවට හමුදා භටයින් මෙන්ම යුද ටැංකි ද ස්‌ථානගත වනු දක්‌නට ලැබිණි. එමෙන්ම නගරයේ ප්‍රධාන පාලම් මතද හමුදා මාර්ග බාධක ඉදිවනු දක්‌නට ලැබිණි. රාත්‍රී 7 ට හමුදාව ඊජිප්තුවේ 5 වැනි ජනපතිට දන්වා සිටියේ තවදුරටත් ඔහු රටේ නායකයා නොවන බවයි. විශේෂ හමුදා කණ්‌ඩායමක්‌ විසින් මොහුව රහසිගතව ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත රැගෙන යනු ලැබිණි.
ජනපතිවරයා ධුරයෙන් පහ කිරීමේ හමුදා කුමන්ත්‍රණය දියත් වෙද්දී ඔහුගේ පක්‍ෂය එනම් මුස්‌ලිම් සහෝදරත්වයට අයත් රූපවාහිනී මධ්‍යස්‌ථානය මෙන්ම අල්ජසීරාවේ ඊජිප්තු චැනලය ක්‍රියාත්මක වන කාර්යාලයද හමුදා භට පිරිස්‌ විසින් වටලා එහි විකාශන කටයුතු නතර කරනු ලැබිණි. හමුදාව ගන්නා ක්‍රියාමාර්ග නීති විරෝධී බව ජනපති මෝර්සි ගේ කාර්යාලය මගින් නිකුත් කරනු ලැබූ වීඩියෝ පටයක සඳහන් විය. මෙම වීඩියෝ පටය මෝර්සිට සහය දක්‌වන උද්ඝෝෂණ කරුවන් අතර බෙදාහරිනු ලැබීය. කෙසේ නමුත් මේ වන විට ජනපති මන්දිරය සම්පූර්ණයෙන්ම හමුදාව විසින් වටකර තිබිණි.
ජනපති බැරක්‌ ඔබාමා නම් ඊජිප්තු හමුදාව ගත් මේ ක්‍රියාමාර්ගය පිළිබඳව කලබල වූ අතර ඊජිප්තු වෙනුවෙන් ලබාදීමට තීරණය කර තිබූ ඩොලර් බිලියන 1.5 පිළිබඳව නැවත වරක්‌ හොඳින් විවරණය කරන්නැයි ඔහු සිය බලධාරීන්ට දැනුම් දුන්නේ මෝර්සි ජනපතිවරයාගේ තටු කපා දමා ඇති බැවිණි. සාමාන්‍යයෙන් ඇමරිකාව ආධාර ලබාදෙන ඕනෑම රටක හමුදා කුමන්ත්‍රණයක්‌ සිදුවුවහොත් එම ආධාර අත්හිටුවීමට වොෂින්ටනය ක්‍රියාකරයි. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් ප්‍රකාශ කර සිටියේ ඊජිප්තුවේ වර්තමානයේ මතුව ඇති භයානක තත්ත්වය නිසා සෑම දෙනාම කල්පනාකාරී විය යුතු බවත් ලේ වැගිරීම් වළක්‌වා ගැනීමට කටයුතු කළ යුතු බවත්ය.
ඇත්තෙන්ම ඊජිප්තුවේ සිවිල් යුද්ධයක්‌ ඇතිවීමේ අවදානමක්‌ද මතුව ඇතැයි විදෙස්‌ මාධ්‍ය කියයි. විශේෂයෙන්ම ජනපතිවරයා ධුරයෙන් පහ කිරීමෙන් පැය කිහිපයකට පසු ඇතිවූ ගැටුම් වලදී පුද්ගලයන් 14 දෙනෙක්‌ මරුමුවට පත් විය. මුස්‌ලිම් සහෝදරත්වය පක්‍ෂයට ජිහාඩ් සාමාජිකයන් ගෙන් සැදුම්ලත් අන්තවාදී කොටස්‌ සිටින අතර ඔවුන් පවසන්නේ තම නායකයා වෙනුවෙන් සටන් කරන බවය. 2011 පෙබරවාරි මාසයේ මිලියනයකට අධික පිරිසක්‌ ඊජිප්තු අග නගරයේ උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ පුරා වසර 30 ක්‌ එරට පාලනය කළ හොස්‌නි මුබාරක්‌ට ඉල්ලා අස්‌වන ලෙසය.
1981 ඔක්‌තෝම්බර් 06 වැනිදා අන්වර් සදාත් ජනපතිවරයා මුස්‌ලිම් අන්තවාදී හමුදා නිලධාරියකුගේ වෙඩි පහරින් මරුමුවට පත්වීමෙන් පසුව තනතුරට හොස්‌නි මුබාරක්‌ පත්විය. එහෙත් 2011 දී ඇතිවූ අරාබි වසන්තය ටියුනීසියාවේ ජනපති බෙන් අලීට මෙන්ම හොස්‌නි මුබාරක්‌ටත් අවාසනාව ගෙන ආවේය. අද පිළිකා රෝගියකු වන හොස්‌නි මුබාරක්‌ සිරගතව සිටී. 2011 ජනවාරි 25 වැනිදා හොස්‌නි මුබාරක්‌ට එරෙහිව මහජන උද්ඝෝෂණය ආරම්භ වූ අතර එයින් සති දෙකකට පසුව එනම් පෙබරවාරි 11 වැනිදා හමුදාවේද මැදිහත්වීම මත ඔහු ධුරයෙන් ඉල්ලා අස්‌විය. එයින් පසුව 2012 ජනවාරි මාසයේදී මුස්‌ලිම් සහෝදරත්වය පාර්ලිමේන්තුව ජයගත් අතර 2012 ජුනි මස 30 වැනිදා ඊජිප්තුවේ පස්‌වැනි ජනපති ලෙස මොහොමඩ් මෝර්සි දිවුරුම් දුන්නේය.
මෝර්සි 61 හැවිරිදි පුද්ගලයකු වන අතර පස්‌දරු පියෙකි. කයිරෝ විශ්ව විද්‍යාලයෙන් මෙන්ම දකුණු කැලිෙµdaර්නියා විශ්වවිද්‍යාලයෙන්ද උසස්‌ අධ්‍යාපනය ලබා ඇති හෙතෙම 2012 ජුනි මාසයේ පැවැති ජනපතිවරණයේදි සිය ප්‍රතිවාදියාවූ අහමඩ් ශµSක්‌ පරදවා ඡන්ද 51.7% ක ප්‍රතිශතයක්‌ ලබා ජනපති ධුරයට හිමිකම් කියනු ලැබීය. කවරක්‌ නමුත් ඔහු 2012 නොවැම්බර් මාසයේදී විශේෂ විධායක බලතල රැසක්‌ තමා වෙත පවරා ගැනීම හමුදාවේ සතුටට හේතුවූයේ නම් නැත. එදා 2011 දී මුබාරක්‌ ජනපතිට එරෙහිව ඇතිවූ මහජන උද්ඝෝෂණ මෙන්ම ඉකුත් ජුනි 30 වැනිදා සිට කයිරෝ නුවර තහීර් චතුරශ්‍රය ලක්‍ෂ ගණනක ජනයාගෙන් පිරෙන්නට විය. ඔවුන් ඉල්ලා සිටියේ මෝර්සි ජනපතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවයි. මහජන උද්ඝෝෂණ වඩාත් සීග්‍රවත්ව ලේ වැගිරීම්ද වැඩිවන්නට විය. මෝර්සි ජනපතිට පක්‍ෂපාතීවද තවත් දහස්‌ ගණනක්‌ වීදි බැස උද්ඝෝෂණය කරන්නට විය. රට අරාජිකවනු දැක වහාම ජෙනරාල් සිසිගේ හමුදාව මැදිහත්විය. මෝර්සි අත්අඩංගුවට පත්විය. මුස්‌ලිම් සහෝදරත්වය පක්‍ෂය ප්‍රකාශ කරන්නේ මේ අවස්‌ථාවේදී හමුදාව එක්‌ පැත්තක්‌ පමණක්‌ ගෙන ක්‍රිsයාකර ඇති බවයි. තහීර් චතුරශ්‍රයේ මෝර්සිට විරුද්ධව උද්ඝෝෂණය කළ ඕමාර් ෂෙරීප් පවසන්නේ “මේක ඓතිහාසික අවස්‌ථාවක්‌ අපි මෝර්සිවත් මුස්‌ලිම් සහෝදරත්වයත් පරාජය කළා” යනුවෙනි.
අරාබි වසන්තය හරහා බලයට පැමිණි මොහොමඩ් මෝර්සිද බලයෙන් පහකර ඇත. ඉදිරියට සිදුවන්නේ කුමක්‌ද? මේ නිසා නැවතත් ඊජිප්තුව අස්‌ථාවර වෙයිද අරාබි ලෝකයම අද අස්‌ථාවර වී ඇත. සිරියාව ගිණිගෙන දැවෙයි. මේ අවුල කොතනින් නතරවේදැයි කිව නොහැක.
චතුර පමුණුව

http://www.divaina.com/2013/07/07/forign.html

blackwidow

කණවැන්දුම් මකුළු ධේනුවගෙ (Black Widow Spider) විශේෂත්වය තමයි පිරිමි සතා සමඟ ලිංගිකව එක් වීමෙන් පස්ස ඌව මරල ආහාරයට ගැනීම. අපේ ඉස්ලාමය කොහොමද ඒකට සමාන වෙන්නෙ? ඕනම ඉස්ලාම් රටක ජනතාව තමයි මේ බියකරු මකුළු ධේනුව වන්නෙ. ජනාධිපති, ඒකාධිපතිය හෝ රජු තමයි ඒම ධේනුව සමඟ සංසර්ගයේ යෙදෙන පිරිමි මකුළුව. පකිස්ථානෙන් තමයි අලුත්ම ගොදුර ගැන නිවුස් එන්නෙ. පර්වේස් මුෂාරෆ් එහෙ හිටපු ජනාධිපති. පොර දැන් හිරේ, ඇපත් නැහැ.



පකිස්‌තානයේ හිටපු ජනාධිපති මුශාරප්ට
ඇපදීම ප්‍රතික්‍ෂේප වේ

පකිස්‌ථානයේ හිටපු අගමැතිනි බෙනසීර්¨ භූතෝ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යයි චෝදනා එල්ල වී ඇති හිටපුq ජනාධිපති පේවේස්‌ මුශාරප්ට ඇප දීම පකිස්‌ථාන් අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. මුශාරප් මැයි 4 වැනිදා වනතුරු නිවාස අඩස්‌සියේ පසුවේ. මේ වන විට ඔහුට එරෙහි නඩු හතරක්‌ අධිකරණය හමුවේ පවති.

http://www.divaina.com/2013/04/26/forign06.html

හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් ව අපේ ඉස්ලාම් බ්ලැක් විඩෝ ගොදුරු කර ගත්තේ මෙහෙමයි.

හිටපු මාලදිවයින් ජනාධිපති අත්අඩංගුවට

2013 මාර්තු 05 වෙනි අඟහරුවාදා, 16:20 විදෙස් පුවත් වෙනත්
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
(කොළඹ, ලංකාපුවත්) – හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් අද (05) සිය නිවසේ සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.
නෂීඩ් අත්අඩංගුවට ගැනීම සඳහා එරට අධිකරණයක් විසින් තෙවැනි වරටත් වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මාලදිවයිනේ ප්‍රධාන අපරාධ නඩුකාරවරයා වන අබ්දුල්ලා මොහොමඩ් සිරගත කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ අදාළ නඩු වාරයට සහභාගී නොවීම හේතුවෙන් නෂීඩ් අත්අඩංගුවට ගැනීම සඳහා මීට කළින් දෙවතාවක් වරෙන්තු නිකුත් කර තිබුණි.
අත්අඩංගුවට ගැනීමට එරෙහිව රැකවරණ පතා නෂීඩ් විසින් පසුගිය 13 දා එරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට පැමිණ තිබුණු අතර, ඔහු යළිත් පිටතට පැමිණියේ දින 11කට පසුවය.

ඔහුට එරෙහිව චෝදනා ඔප්පු වුවහොත් ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීමට නෂීඩ් හට අවස්ථාව අහිමි වනු ඇත.

http://www.lankapuvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=30300:2013-03-05-11-00-12&catid=81:2010-09-06-09-44-44&Itemid=542

ඊට කලින් ගඩාපි ඒකාධිපති ලෙබ්බෙව ඉස්ලාම් බ්ලැක් විඩෝ කීතු කීතු කරල මස් කෑවෙ අමුවෙන්මයි.

indika76
SLS Gold Members
SLS Gold Members
Joined: Mon Jun 13, 2011 2:46 pm
Posts: 2809
Location: Galle

Post ගඩාෆි මරා දමයි
ගඩාෆි මරා දමයි
හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆි අද මරා දමනු ලැබුවා. ඔහුට එරෙහි කැරළිකර කණ්ඩායමට ඔහු සැගව සිටි ස්ථානය හඳුනාගන්නට ලැබුණ බවත් සර්ට් නගරයේ පාළු පිට්ටනියක තිබූ කුහරයක සිටි ඔහු පාද වල තුවාල සහිතව සිටි බවත් මට වෙඩි තියන්න එපා යයි කෑ ගැසූ නමුත් ඔහු හා ඔහුගේ සහායකයින් සමග ඉන් අනතුරුව කැරළිකරුවන් ඇතිකරගත් වෙඩි හුවමාරුවේදී හිසට එල්ලවූ දැඩි තුවාල නිසා ගඩාෆි මිය ගිය බවත් වාර්තා වුණා.
තුවාල ලද පසුව ඔහු ඇම්බියුලන්ස් රථයකින් ගෙන ගිය නමුත් ඔහු මරණීය තුවාල මත මිය ගොස් තිබුණ බවත් වාර්තා වුණා.
උතුරු අප‍්‍රිකානු රටක් වන ලිබියාවේ වසර 42ක ඒකාධිපති පාලනයක් ගෙනගිය ගඩාෆිට එරෙහිව පසුගිය කාලයේ එරට පුරා කැරළි ඇතිවූ අතර ඔහු එම කැරළි සහසික ලෙස මර්දනය කළේ මිනිස් ඝාතන රැුසක් සිදු කරමිනි.
මේ හේතුවෙන් ඔහු ජාත්‍යන්තර අධිකරණයට අවශ්‍ය කරන අපරාධකරුවෙකු ලෙසද නම් කර තිබුණා.
වත්මන් ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුරසි තවත් ගොදුරක්

ඊජිප්තුව යළි ගිනිගනී

AddThis Social Bookmark Button

ඊජිප්තු ජනාධිපතිවරයාට එරෙහිව පැවති විරෝධතාවකට එල්ල වු පොලිස් වෙඩි ප්‍රහාර වලින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි.විදෙස් වාර්ථා සදහන් කර ඇත්තේ වත්මන් ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුරසි ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් විපක්ෂයේ ආධාර කරුවන් විසිව් මෙම විරෝධතා පැවත්වු බවයි.

ඊජිප්තුවේ සුවස් ප්‍රදේශයේ පැවති විරෝධතාවකට මෙලෙස පොලිස් ප්‍රහාර එල්ල වී  ඇති අතර විරෝධතා කරුවන්ද ටයර් පුලුස්සමින් ගල්මුල් වලින් පහර දෙමින් විරෝධතාවයේ නිරත වු බව විදෙස් වාර්තා කියයි.විප්ලවයකින් දිනාගත් රට මුස්ලිම් සහෝදරත්වයේ කැමැත්ත පරිදි පාලනය කිරීමට ඉඩ නොදෙන බව සදහන් කරමින් විරෝධතාකරුවෝ විරෝධයේ නිරත වී තිබේ.

ඊජිප්තුව පුරා විවිධ නගරවල මෙම විරෝධතා පැවති අතර එහිදී ඇතිවු ගැටුම් වලින් 400 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.මෙම ගැටුම් වලින් මියගිය සහ තුවාල ලැබුවන් සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බව ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුරසි සදහන් කර තිබේ.

පසුගිය සිකුරාදා විපක්ෂයේ විරෝධතාකරුවෝ ඊජිප්තුවේ ජනාධිපති මන්දිරය අසල විරෝධතා දැක්වා ඇති අතර මාර්ග බාධක ඉවත් කරමින් ඔවුන් විරෝධය දැක්වීම නිසා පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඔවුන් පළවා හැර ඇතැයි වාර්තා වෙයි.

තවද විරෝධතා කරුවෝ ඊජිප්තු කැබිනට් මණ්ඩල මුලස්ථානය අසලද විරෝධතාවයේ නිරත වී ඇති අතර තවත් පිරිසක් ටරීර් චතුරස්‍රයට ඇතුළු විමට ද උත්සහ කර තිබේ.මොවුන් ගතවු වසර දෙක තුළ පැවැති විරෝධතා වලදී මියගිය පුද්ගලයින්ගේ ඡායාරූප රැගෙන විරෝධතාවයේ නිරත වු බව විදෙස් වාර්තා කියයි.

කිසිවෙකුගේ ආධිපත්‍යයක් ඊජිප්තුවට අවශ්‍ය නොවන බවත් නිදහස් කරගත් රට පාලනය විය යුත්තේ ජනතාවට අවශ්‍ය ආකාරයට පමණක් බවත් විරෝධතා කරුවෝ පෙන්වා දී තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේ සිට ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටි සියලුම රජයේ කර්යාල,තානාපති කාර්යාල, ආදිය වටා විශාල තාප්ප ඉදිකොට එවායේ ආරක්ෂාව තරකර ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට කයිරෝ නුවර සිට උතුරට හා දකුනට දිවෙන දුම්රිය මාර්ග සියල්ලද විරෝධතා කරුවන් විසින් අවුරා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මීට වසර දෙකකට ඉහතදී හිටපු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කෙරුනේද ජනතා කැරැල්ලක් මගිනි.එහිදී ඊජිප්තුවේ කයිරෝ නුවර ටරීර් චතුරස්‍රයට රැස්වු දහස් ගණන් ජනයා එම චතුරස්‍රෙය් කූඩාරම් ලාගෙන සාමකාමී ලෙස විරෝධතා දක්වමින් හොස්නි මුබාරක් බලයෙන් පහකර මුස්ලිම් සහෝදරත්වය බලයට පත්කර ගත්තේය.

නමුත් මේ වන විට මුස්ලිම් සහෝදරත්වය විසින් පත්කරන ලද ජනාධිපති මෙහෙමඩ් මුරසි විවිධ බටහිර බලවේග වලට අනුව කටයුතු කරන බවට ඇතැම් කන්ඩායම් විසින් චෝදනා එල්ල කර ඇති අතර ඒවා මුල් කර ගනිමින් රට පුරා විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතී.

http://www.noc.lk/foreign/item/478-%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%BA%E0%B7%85%E0%B7%92-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93

මේකෙ ඉතින් කෙළවරක් නැහැ. මට ලෝකෙ ඔක්කොම දදා ඉන්න වෙලාවක් නැහ. ඕනම ඉස්ලාම් රටක කලින් ජනාධිපතිට වෙච්ච දේ හොයල බැලුව නම් ලේසියෙන් හොයා ගන්න පුළුවන්, ඉස්ලාම් බ්ලැක් විඩෝ ගේ තරම.