Archive for the ‘ක්‍රීඩාවට-විද්‍යාවට-සාමයට එරෙහි වීම’ Category



ක්‍රිකට්‌ ක්‍රීඩාව සහ ක්‍රිකට්‌ තරග තහනම්
– තාලිබාන් ප්‍රකාශක ෂහිද්

ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදීම සහ ක්‍රිකට්‌ තරග පැවැත්වීම තාලිබාන් සංවිධානය තහනම් කර ඇත.

ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන්, තරුණයන් ජීහාද් කටයුතුවලට යොදා ගැනීම ඈත් කරන බව තාලිබාන් ප්‍රකාශන ෂෂිදුල්ලා ෂහිද් පැවසීය.

ක්‍රිකට්‌ ක්‍රීඩාවට තාලිබාන් සංවිධානය මුළුමනින්ම විරුද්ධ බව හෙතෙම තවදුරටත් කීවේය.

පාකිස්‌තානයේ අභ්‍යන්තර කටයුතු ඇමැති චව්ද්රි නිසාර් ක්‍රිකට්‌ තරගයක යෙදීමට තාලිබාන් සංවිධානයට කළ ඇරයුම ද ප්‍රතික්‍ෂේප වී ඇත.

http://www.divaina.com/2014/02/27/forign02.html



එමීර් රාජ්‍යයේ මුස්‌ලිම් ආගමික නායකයෝ
අඟහරු ග්‍රහයා තුළ ජීවත් වීම තහනම් කරති

අඟහරු ග්‍රහයා තුළ ජිවත්වීම තහනම් කරමින් එක්‌සත් එමීර් රාජ්‍යයේ මුස්‌ලිම් නායකයන් විසින් ආඥාවක්‌ ප්‍රකාශයට පත් කර ඇත. මෙම ආඥ්ඥාවට හේතු වී ඇත්තේ සවුදි හා ආරාබි ජාතිකයන් 500 ක්‌ මාස්‌ වන් වැඩපිළිවෙල යටතේ 2025 දී අඟහරු ග්‍රහයා වෙත යැමට ඉදිරිපත් වීමයි.

අඟහරු ග්‍රහයා තුළ ජීවත් වීම ඉස්‌ලාමීය විරෝධී ක්‍රියාවක්‌ බවද ආගමික නායකයන් දක්‌වා ඇත.

http://www.divaina.com/2014/02/21/forign02.html



හැරී කුමරු මරා දමන බවට තර්ජනය කළ
මුස්‌ලිම් ජාතිකයාට වසර තුනක සිරදඬුවමක්‌

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු මරා දමන බවට තර්ජනය කළ මුස්‌ලිම් ජාතික අශ්රප් ඉස්‌ලාම් නැමැත්තාට ලන්ඩන් අධිකරණය වසර 3 ක සිරදඬුවමක්‌ නියම කර ඇත.

මොහු ලන්ඩන් නුවර පොලිස්‌ ස්‌ථානයකට පැමිණ තමා හැරී කුමරු මරාදමන බව ප්‍රකාශ කර තිබේ.

මාර්ක්‌ තවුසන්ඩ් නමැති මොහු ඉස්‌ලාම් ආගම වැළඳගෙන අශ්රප් ඉස්‌ලාම් නමැති නම භාවිතා කළ බව පොලිසිය කියයි.

http://www.divaina.com/2014/02/13/forign05.html