Archive for the ‘ඉස්ලාම් තාලයට කලගුණ සැලකීම’ Category

මේ රට ඉස්ලාමෙට යටත් වෙන්නෙ තිබෙන එකක් මිසක් තාම ඉස්ලාම් වෙලා නැහැනෙ. එහෙව් එකේ අරාබි රටවල අපේ ඉස්ලාම් සල්ලි මොන හේතුවකට හරි මේ රටට එනවට අපි එක හෙලා විරුද්ධයි. මේ රටේ තේ වලට පුදුම තැනක් ඒ රටවල තියෙනව. ඒක විනාශ නොකලොත් අපි පරාදයි. රටේ අපනයනය, ඩිලාන් ඇමති වගේ ගණිකා වහලියෝ දාල කලාට කමක් නෑ, වෙන ක්‍රම වලින් අපි ඉඩ තියන් නෑ. ඒ නිසා තමයි අපේ මේ නෙවර් එන්ඩිං කසල තේ ගේමස් යන්නෙ. මේ පාර නම් අපි සිංහල බල්ලෙකුත් හොයා ගත්ත වැඩේට . බලන්නකො නිවුස් එක.

කසළ තේ කිලෝ හතළිස්‌පන්දහසක්‌ අත්අඩංගුවට

ප්‍රියරංග ඉලංගමුදලි, සෝමවීර ගම්ලත්

ඇසුරුම් කර විදේශ රටවලට බෙදාහැරීම සඳහා සකස්‌ කර තිබූ කසළ තේ කිලෝ ග්‍රෑම් 45,000 ක්‌, සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවට ගැනීමට බිංගිරිය පොලිසිය සමත්විය.

බිංගිරිය පොලිස්‌ වසමට අයත් තල්ගහපිටිය ප්‍රදේශයේ ගබඩාවක පවත්වාගෙන ගොස්‌ ඇති මෙම ජාවාරම පිළිබඳව බිංගිරිය පොලිස්‌ථානාධිපති ජගත් බණ්‌ඩාර මහතාට ලැබුණ තොරතුරක්‌ මත සිදුකළ වැටලීමකදී මෙම ගබඩාව හා තේ තොගය අත්අඩංගුවට පත්විය. කොහු වියළන ස්‌ථානයක්‌ ලෙස අඟවමින් පවත්වාගෙන ගිය මෙම ස්‌ථානයේ තිබී අරාබි රටවලට යෑවීමට සකසා තිබූ තේ පෙට්‌ටි 6,300 ක්‌, කන්ටේනර් තුළ ගබඩාකර තිබී ඇත. කිලෝ ග්රූම් 35 පෙට්‌ටි 3690 ක්‌, පොහොර උර 520 ක බහා තිබූ කිලෝග්‍රෑම් 18200 ක්‌, කිලෝග්‍රෑම් 36 බෑග්වල බහා තිබූ තේ බෑග් 1080 ක්‌ හා කිරුම් උපකරණ යන්ත්‍රයක්‌ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් එක්‌ අයකු ජා-ඇල ප්‍රදේශයේ පදිංචි සිංහල ජාතිකයකු වන අතර අනෙක්‌ දෙදෙනා දවුලගොඩ පදිංචි මුස්‌ලිම් ජාතිකයෝ වෙති.

අත්අඩංගුවට පත් සැකකරුවන්, කන්ටේනර් රථ සමඟ කසළ තේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බිංගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති ජගත් බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.

http://www.divaina.com/2014/09/29/news24.html

දුවන දුම්රියෙන් බිමට පැන

පොලිසිය කප්පම් කල්ලිය අල්ලයි
තවත් පමාවූවා නම් 8 හැවිරිදි ළමයාගේ ජීවිතයත් අනතුරේ!

හේමන්ත රන්දුණු , ඡායා – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

අපේ අනාගත ජිහාඩ් නායකයෙක්

 

ජිහාඩ් පෝෂණයට මුදල් යොදා ඇනගත් වේස හම්බ පවුල

කොළඹ මාලිගාවත්තේ පදිංචිව සිටි අට හැවිරිදි පිරිමි දරුවකු පැහැරගෙන ගොස්‌ සිරකර තබාගෙන දරුවා මරා දමන බවට තර්ජනය කරමින් පියාගෙන් රුපියල් තිස්‌ ලක්‍ෂයක කප්පම් මුදලක්‌ ලබා ගැනීමට උත්සාහ කළ සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ මාලිගාවත්ත පොලිසිය විසින් ඊයේ (10 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

හුණුපිටිය ප්‍රදේශයේ නිවසක දවසක්‌ තිස්‌සේ සිරකරගෙන සිටි අට හැවිරිදි පිරිමි දරුවාද මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති රොහාන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් ඊයේ දහවල් බේරාගෙන තිබේ.

මෙම කප්පම් සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වනවිට පලාගොස්‌ සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

හසුවූ ජිහාඩිකයන් හා උන්ව අල්ලාගත් මෝල් පොලිස් හැතිකරය

දරුවා පැහැරගෙන ගොස්‌ සිරකරගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු 16, 20 සහ 24 යන වයස්‌ සීමාවල පසුවන අය බව පොලිසිය පවසයි.

පැහැර ගැනීමට ලක්‌වූ මුස්‌ලිම් ජාතික දරුවාගේ පියා පිටකොටුව ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවිසලක හිමිකරුවෙකි.

දරුවා පැහැරගත් සංවිධානාත්මක කල්ලියට නායකත්වය දුන් මුස්‌ලිම් තරුණයාද දරුවාගේ පියාගේ සමීපතම හිතවතෙකි. සැකකරු මෙම දරුවා කුඩා කල සිටම හොඳින් දන්නා හඳුනන අයකු බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ. මෙම ප්‍රධාන සැකකරු විවාහ වී තිබුණේ මීට ටික කලකට උඩදීය.

පැහැර ගැනීමට ලක්‌වූ දරුවාගේ පියා ප්‍රධාන සැකකරුගේ මංගල උත්සවය වෙනුවෙන් විශාල උපකාර කීපයක්‌ම කර තිබූ බව ද හෙළිවී තිබේ. සැකකරුට මධුසමය ගත කිරීමට යැමට මෝටර් රථයක්‌ පවා ලබාදී ඇත්තේ දරුවාගේ පියා විසිනි.

මාලිගාවත්ත පොලිසිය පවසන අන්දමට සංවිධානාත්මක කණ්‌ඩායම විසින් දරුවා පැහැරගෙන ඇත්තේ පෙරේදා (09 වැනිදා) රාත්‍රි 8.00ට පමණ මාලිගාවත්ත ජුම්මා මස්‌ජිඩ් පාරේදීය.

පියාගේ සමීපතම මිතුරකු වන ප්‍රධාන සැකකරු අට හැවිරිදි දරුවා මුණගැසී ඇත්තේ ඔහු පල්ලියට ගොස්‌ ආපසු නිවස බලා යමින් සිටියදීය.

එහිදී ප්‍රධාන සැකකරු දරුවාට පවසා ඇත්තේ මව සහ පියා හුණුපිටිය ප්‍රදේශයේ අවමඟුලකට සහභාගිවීමට ගිය බවයි. එසේ කියමින් සැකකරු දරුවාද කැඳවාගෙන පාපැදියක නැගී පියා හමුවීමට යෑයි කියමින් හුණුපිටිය ප්‍රදේශයට ගොස්‌ තිබේ.

පසුව හුණුපිටියේ නිවසකට දරුවා රැගෙන ගිය ප්‍රධාන සැකකරු දරුවා එම නිවසේ සිරකර ඇත. කප්පම් සිද්ධියට සම්බන්ධ අනෙක්‌ තරුණයන් තිදෙනාද එම නිවසේ රැඳී සිටි අතර ඔවුහු දරුවාට නිවසින් පිටතට පැමිණීමට නොහැකිවන ලෙස තබාගෙන සිටියහ.

දරුවා නිවසට නොපැමිණීම නිසා කලබලවූ දෙමාපියන් පෙරේදා රාත්‍රි 8.30 සිට ඔහු සෙවීමට පටන් ගෙන තිබේ.

මේ අතර දරුවාගේ පියාට දුරකථන ඇමතුමක්‌ ලබා දුන් සංවිධානාත්මක කල්ලියේ එක්‌ සාමාජිකයකු දරුවා තමන් සිරකරගෙන සිටින බව පවසා ඇත. දරුවා මුදා හැරීමට නම් රුපියල් තිස්‌ ලක්‍ෂයක කප්පම් මුදලක්‌ ලබාදිය යුතු බව පවසා ඇති සැකකරු එසේ නොකළහොත් දරුවා මරා දමන බව කියමින් තර්ජනය කර තිබේ.

දරුවා පැහැරගත් බව දැන ගැනීමෙන් පසු කලබලයට පත්වූ දරුවාගේ පියා මාලිsගාවත්ත පොලිසිය වෙත මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති රොහාන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් දරුවාගේ පියා වෙත සැකරුවන්ගෙන් දුරකථන ඇමතුම් ලැබෙන ස්‌ථාන පිළිබඳව සෙවීමට පටන්ගෙන තිබේ.

එහිදී හෙළිවූයේ මෙම ඇමතුම් විවිධ ප්‍රදේශවල දුරකථන කුටි හරහා ලැබෙන බවයි. මේ අතර කප්පම් කල්ලිය සමඟ සුහදව සාකච්ඡා කර අදාළ මුදල ලබා දෙන ස්‌ථානයන් පිළිබඳව විමසන ලෙසද පොලිසිය දරුවාගේ පියාට උපදෙස්‌ දී තිබිණි.

ඒ අනුව කප්පම් කල්ලිය දරුවාගේ පියාට පවසා ඇත්තේ ඊයේ උදෑසන වනවිට අදාළ මුදලද රැගෙන කොළඹ කොටුවට පැමිණෙන ලෙසිනි.

දරුවාගේ පියා ව්‍යාජ ලෙස සකස්‌ කළ මුදල් සහිත බෑගයක්‌ද රැගෙන කොටුවට ගොස්‌ තිබිණි. මේ අතර සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ද දරුවාගේ පියා වටා සැකයක්‌ නොවන අයුරින් යෙදවීමට මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා කටයුතු කළේය.

දරුවාගේ පියා කොළඹ කොටුව ප්‍රදේශයට ගිය පසු සැකකරුවකු ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලබා දෙමින් කියා ඇත්තේ අදාළ මුදල් රැගෙන රාගම දුම්රිය ස්‌ථානයට එන ලෙසිනි.

ඒ අනුව පියා ව්‍යාජ මුදල් බෑගයද රැගෙන රාගම දුම්රිය ස්‌ථානයට ගොස්‌ තිබේ.

පියා සමග සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස්‌ නිලධාරීන් තිදෙනෙක්‌ ද රාගමට ගොස්‌ තිබිණි. රාගම දුම්රිය ස්‌ථානයේ පැය දෙකකට ආසන්න වේලාවක්‌ රැඳී සිටිද්දී සැකකරුවකු දරුවාගේ පියාට ඇමතුමක්‌ ලබාදී පවසා ඇත්තේ කොළඹ බලා යන දුම්රියේ නැගී එන ලෙසටය.

පසුව දරුවාගේ පියා කොළඹ දෙසට ධාවනය වූ දුම්රියට ඊයේ උදේ 11.30 ට පමණ රාගම දුම්රිය ස්‌ථානයෙන් නැගී ඇත.

දුම්රියේ එද්දී අතරමගදී නැවතත් ඇමතුමක්‌ ගත් සැකකරුවකු අදාළ මුදල් බෑගය හුණුපිටිය වෙඩිකන්ද ප්‍රදේශයේ එක්‌තරා ස්‌ථානයකදී දුම්රියෙන් පිටතට විසිකරන ලෙස උපදෙස්‌ දී තිබේ. එසේ කළ පසු දරුවා මුදාහරින බවද සැකකරු පවසා ඇත.

මේ අතර සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ද දරුවාගේ පියා ආසන්නයේ දුම්රියේ සිටියහ.

අදාළ ව්‍යාජ මුදල් බෑගය දරුවාගේ පියා හුණුපිටිය වෙඩිකන්ද ප්‍රදේශයේදී දුම්රියෙන් පිටතට විසිකර තිබේ. ඒ අවස්‌ථාවේ සාමාන්‍ය වේගයකින් ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පොලිස්‌ නිලධාරීන් තිදෙනා බිමට පැන මුදල් බෑගය වැටුණු ප්‍රදේශයේ රැකවල්ලාගෙන සිටියහ.

ව්‍යාජ මුදල් බෑගය වැටී සුළු මොහොතකට පසු තරුණයන් දෙදෙනකු එහි පැමිණ බෑගය ගෙන තිබේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් එතැනට පැන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ පැහැරගත් දරුවා හුණුපිටියේ නිවසක සිරකර තබා ඇති බවයි.

පසුව එම නිවස වැටලූ පොලිස්‌ නිලධාරීන් එහි සිරකරගෙන සිටි අට හැවිරිදි දරුවා බේරාගෙන තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවා බියට පත් කිරීම සඳහා සැකකරු යොදාගත් තියුණු පිහියක්‌ ද පොලිසිය සොයා ගත්තේය.

පසුව සැකකරුවන් තිදෙනා සහ දරුවා කොළඹ මාලිගාවත්ත පොලිසිය වෙත ඊයේ දහවල් රැගෙන යැමට පොලිස්‌ නිලධාරීහු කටයුතු කළහ.

දරුවා පැහැර ගැනීමට ලක්‌ වී දවසක්‌ ගත වීමට පෙර ඔහු බේරා ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක්‌ බව පොලිසිය පවසයි.

එසේ නොවන්නට කප්පම්කරුවන් දරුවාගේ ජීවිතයට පවා හානි කිරීමට ඉඩ තිබූ බවද පොලිසිය කියා සිටියි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දරුවාගේ පියාගේ දුරකථන අලෙවි සල වෙත නිතර යන එන අය බවද හෙළිවී තිබේ.

සැකකරුවන්ගෙන් මේ සම්බන්ධව මාලිගාවත්ත පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. ඩී. එස්‌. ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි එම්. කේ. දයානන්ද, සහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදිසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති රොහාන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන විමල් දේවනාරායන, නාමසිරිරත්න, සනත් මඩවල, චන්දන ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.


සුදු වැන්දඹුව මෙහෙය වූ නයිරෝබි සාප්පු සංකීර්ණ ප්‍රහාරය
* 68 ක්‌ මරුට, 175 ක්‌ බරපතල තුවාල ලබති
* ඊශ්‍රායල් විශේෂ බළකාය සාප්පු සංකීර්ණයට කඩා වදී
* කිනියා ජනාධිපති කෙන්යාටාගේ ඥතීහු දෙදෙනකු ද මරුට
* එක්‌සත් ජාතීන්ගේ හිටපු තානාපති කොපි අවුනුර්ද ඝාතනය වේ.
* සෝමාලියාවේ සිටින 4000 ක කිනියානු සේනාව ඉවත් කර ගැනීමට ප්‍රහාරය එල්ල කළ බව අල් ෂහබාබ් පවසයි සුදු වැන්දඹුව සමාන්තා ලෙව්ත්වේට්‌
ඊශ්‍රායලය සතු කිනියාවේ නයිරෝබි නුවර වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයට පසුගිය සෙනසුරාදා දහවල් එල්ලවූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයෙන් බටහිර ලෝකය දැඩි කැළඹීමකට පත්විය.
ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි සේවාවවට පවා මෙවන් ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ ගැන කල්තියා වාර්තා වී නොතිබිණි. අල් ඛයිදා ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ අල් ෂහබාබ් නමැති ඉස්‌ලාමීය ත්‍රස්‌ත කණ්‌ඩායමට අයත් පහළොවකගෙන් යුත් ත්‍රස්‌තයන් පැය 30 කට අධික කාලයක්‌ තිස්‌සේ වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයේ සිටි පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගෙන සිය ඝාතන මෙහෙයුම දියත් කරනු ලැබීය.
කිනියානු විශේෂ බළකාය සහ ඊශ්‍රායල් විශේෂ බළකාය ද ත්‍රස්‌ත මර්දන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසු සාප්පු සංකීර්ණය මුදාගනු ලැබූවත් එA වන විට 68 ක්‌ ඝාතනය වී තිබිණි.
තුවාල වූ සංඛ්‍යාව 200 කට අධිකය. අල්ෂාහබාඩ් ත්‍රස්‌ත කණ්‌ඩායමේ මෙම නයිරෝබි මෙහෙයුම දියත් කර ඇත්තේ ලන්ඩන් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සමන්තා ලෙව්ත්වේට්‌ හෙවත් සුදු වැන්දඹුව නමැත්තිය යෑයි හෙළි විය.
වෙස්‌ට්‌ගේඩ් සාප්පු සංකීර්ණයට කඩාවැදී ඉස්‌ලාමීය ත්‍රස්‌ත කණ්‌ඩායම ශුද්ධ කුරානයේ වගන්ති සහ මහමත් නබි නායකතුමාගේ මවගේ නම ප්‍රකාශ කිරීමට නොහැකිවූ පුරුෂයන්, කාන්තාවන් හා ළමුන් ද මරා දැමූ බව සිද්ධිය සියෑසින් දුටුවෝ පැවසූහ.
මේ ප්‍රහාරය සඳහා බ්‍රිතාන්‍යයේ පුරවැසි බව ලබා සිටි ලිබන් එAඩට්‌ හා අහමද් නසීර් යන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ද සහභාගි වූ බව අල් ෂහාබාඩ් සංවිධානය හෙළි කර ඇත.
මානව හිමිකම් මුවාවෙන් ඇමරිකාව ඉස්‌ලාමීය ත්‍රස්‌තයන්ට ඇමරිකාවේ පදිංචිවීමට ඉඩදීමෙන් සැප්තැම්බර් 11 දා ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට ප්‍රහාර එල්ල විය.
දැන් නයිරෝබි නුවර ප්‍රහාරයට ද සම්බන්ධ වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඉස්‌ලාමීය ජාතිකයන් දෙදෙනෙකි. මේ මිනිස්‌ ඝාතනයට කිනියානු ජනාධිපති උහුරු කෙන්යාටාගේ ඥතීහු දෙදෙනකු ද ගොදුරු විය.
එසේම හිටපු එක්‌සත් ජාතීන්ගේ තානාපති කොපි අව්නෝර් ද ඝාතනය විය. ඔහු ඝානා රාජ්‍යයේ කවියෙකි. ඔහුගේ පුත්‍රයා ද බරපතළ තුවාල ලැබීය. වසර 2 ක්‌ තිස්‌සේ සෝමාලියාවේ සිටින කිනියානු හමුදා සේනාංක වහාම ඉවත් විය යුතු යෑයි කියමින් අල් ෂහබාබ් ත්‍රස්‌තයන් මෙකී ප්‍රහාරය එල්ල කර තිබේ.
ත්‍රස්‌තවාදීන් වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයට කඩා වදින අවස්‌ථාවේ 1000 කට අධික පිරිසක්‌ බඩු බාහිරාදිය මිලයට ගනිමින් සිටි බව හෙළි විය.
එවැනි තත්ත්වයකට කිනියානු හමුදාව මීට පෙර මුහුණදී නොතිබිණි. මේ නිසා කිනියා ජනාධිපති කෙන්යාටා මිත්‍ර රටවල සහාය පැතීය. එහි ප්‍රතිඵලය වූයේ ඊශ්‍රායල් විශේෂ බළකාය නයිරෝබි වෙත පැමිණීමයි.
උගන්ඩාවේ එන්ටාබේ ගුවන්තොටුපළේ පලස්‌තීන ත්‍රස්‌තයන් මරා දැමීමේ මෙහෙයුම සඳහා ඊශ්‍රායල් භටයන් කිනියාවේ සිට ක්‍රියාත්මක වී තිබිණි. මේ නිසා නයිරෝබි නගරය ඊශ්‍රායලය හොඳින් දන්නා ස්‌ථානයකි.
අල් ෂහබාබ් ත්‍රස්‌ත සංවිධානයේ වෙස්‌ට්‌ගේට්‌ ප්‍රහාරය සැලවූ විගස ජනාධිපති කෙන්යාටා නියෝගයක්‌ කරමින් සෑම ත්‍රස්‌තවාදියකුම විනාශ කරන්නැයි නියෝග කළේය. “අපි ඔවුන්ට ගැලවීමට ඉඩ නොදෙන්නමු” යෑයි ඔහු කියා සිටියේය.
මියගිය පිරිස අතර ප්‍රංශ, ඕලන්ද, අප්‍රිකානු, ඉන්දීය හා කැනඩා ජාතිකයන් ද වේ. මේ අතර මෙම ත්‍රස්‌ත කණ්‌ඩායම මෙහෙයවා ඇත්තේ කාන්තාවක්‌ බවට ද තොරතුරු ලැබී තිබේ. මෙහිදී ඊශ්‍රායල් සහ කිනියානු විශේෂ බළකා විසින් සාප්පු සංකීර්ණයේ කොටුවී සිටි 800 කට අධික පිරිසක්‌ බේරාගෙන ඇත.
මෙම ප්‍රහාරයට පෙර සාප්පු සංකීර්ණයේ සිටි මුස්‌ලිම් ජාතිකයන්ව ඉවත් කිරීමට ක්‍රියා කළ බවද අල් ෂහබාබ් සංවිධානයේ ප්‍රකාශක අලි මහමුද් රේඡ් නමැත්තා පවසා තිබේ.
මේ අතර කිනියානු ආරංචි මාර්ග පැවසුවේ ඊශ්‍රායල් විශේෂ බළකාය සාප්පු සංකීර්ණය තුළ ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් නොකළේ නම් ඝාතනය වන සංඛ්‍යාව වැඩිවීමට ඉඩ තිබූ බවයි.
ඝානා රාජ්‍යයේ නියෝජ්‍ය ප්‍රවෘත්ති ඇමැති පිලික්‌ස්‌ මයෝපු ප්‍රකාශයක්‌ කරමින් ප්‍රකට කවියකු වූ කොපි අව්නුර් කිනියාවට ගියේ සාහිත්‍ය උත්සවයකට සහභාගිවීමට බවත් ඔහු ත්‍රස්‌තවාදීන්ට ගොදුරුවීම කනගාටුවට කරුණක්‌ බවයි.
එහෙත් කිනියාවේ වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණ ප්‍රහාරයෙන් බටහිර රටවල් පාඩමක්‌ ඉගෙන ගන්නේද? මානව හිමිකම් මුවාවෙන් ත්‍රස්‌තවාදීන්ට දේශපාලන රැකවරණ දෙන්නේ බටහිර රටවල්ය. එA ත්‍රස්‌තයන්ගෙන් ඉල්ලන් කන්නේත් බටහිර රටවල්ය.
මහල් හතරකින් යුත් වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයට එල්ල වූ මේ ත්‍රස්‌ත ප්‍රහාරය බරපතළ ආරක්‍ෂක දුර්වලතාවකි.
ප්‍රහාරක අවි වලින් සන්නද්ධ එකී ත්‍රස්‌ත කණ්‌ඩායම සාප්පු සංකීර්ණයට කඩාවැදීමෙන් විනාඩි 30 කට පසු පොලිසිය පැමිණ ඇතැයි පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
කීර්ති වර්ණකුලසූරිය