Archive for the ‘නිවට ඝාතන නිසා කාන්තා විරෝධයට ලක්වීම’ Category



තලේබාන් ත්‍රස්‌තයෝ 22 හැවිරිදි කත
ඇදගෙන ගොස්‌ වෙඩි තබා මරා දමති

ඇෆ්ගනිස්‌තානයේ ස්‌ත්‍රියකට තලේබාන් ත්‍රස්‌තවාදීන් ප්‍රසිද්ධියේ මරණ දඬුවම දීමේ සිද්ධියකට විරෝධය පාමින් ඇෆ්ගන් කාන්තාවෝ සිය ගණනක්‌ කාබුල් නුවර උද්ඝෝෂණයක නිරත වූහ.

අනියම් ලිංගික සම්බන්ධකමක්‌ පැවැත්වී යෑයි කියන 22 හැවිරිදි ස්‌ත්‍රියක ප්‍රසිද්ධ ස්‌ථානයකට ඇදගෙන ආ තලේබාන් කල්ලියක්‌ ඇයට වෙඩි තබා මරා දැමීය.

කාබුල් නගරයෙන් සැතපුම් 60 ක්‌ ඈත කෝල් නමැති ගමේ කෙළවර ප්‍රසිද්ධ පිටියකට ගෙන එනු ලැබූ නජීබා නමැති මෙකී ස්‌ත්‍රිය මර ළතෝනි නගද්දී තලේබාන් ඝාතකයෙක්‌ ඒ. කේ. 47 රයිµලයකින් වෙඩි තබා මරා දැමීය.

මෙම ම්ලේච්ඡ ක්‍රියාව ගැන කෝපයට හා කම්පාවට පත් ඇෆ්ගන් කාන්තාවෝ කාන්තා කටයුතු අමාත්‍යාංශය අබියසින් පටන් ගෙන එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය කරා සටන් පාඨ කියා කෑ ගසමින් පෙළපාලි දැක්‌වූහ.

මෙම විරෝධතා පෙළපාලියට සහාය දැක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂිංකැයි කරෝකාල් ප්‍රංශ ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශයක්‌ කරමින් මෙම ස්‌ත්‍රිය මරා දැමූ තලේබාන් අපරාධකරුවන්ට දඬුවම් දීමට ආණ්‌ඩුව යුහුසුලු විය යුතු යෑයි කීවේය. ලෝක නායකයෝ ද තලේබාන්වරුන්ගේ මෙම අමානුෂික ක්‍රියාව හෙළා දුටහ. ඇෆ්ගනිස්‌ථානය කාන්තා හිංසනයට නමගිය රටවලින් ප්‍රධාන එකකි.

http://www.divaina.com/2012/07/16/forign05.html