Archive for the ‘කෆීර් අධිකරණයට අපහාස කර හොස්ස බිම ඇන ගැනීම’ Category


ඇමැති රිෂාඩ්ට දඬුවම් කරන්න
නීතිඥවරුන් 7 දෙනකුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්‌

සරත් ධර්මසේන

මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවූ නඩුවකදී මහෙස්‌ත්‍රාත්වරයා දුන් නියෝගයක්‌ පසුව වෙනස්‌ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා ඔහුට දුරකථන මගින් බලපෑම් කර ඇති බැවින් එය උසාවියට අපහාස කිරීමක්‌ හැටියට සලකා එම වරදට ඇමැතිවරයාට දඬුවම් කරන්නැයි ඉල්ලා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු නීතිඥවරු 07 දෙනෙක් එක්‌ව ඊයේ අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළහ.

උසාවියට අපහාස කිරීමේ වරදට දඬුවමක්‌ කිරීමට පෙර එසේ නොකිරීමට හේතු ඇත්නම් උසාවිය හමුවට පැමිණ ඉදිරිපත් කරන ලෙස දන්වා ඔහුට නියෝගයක්‌ නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, අධිනීතිඥ ආචාර්ය සුනිල් ඩී. කුරේ, අධිනීතිඥ චන්ද්‍රපාල කුමාරගේ, අධිනීතිඥ ලාල් විඡේනායක, නීතිඥ ඊ. සී. ෆර්ඩාගෝ ජනාධිපති නීතිඥ ඒ. එස්‌. එම්. පෙරේරා, නීතිඥ නාලිනී මනතුංග යන මහත්ම මහත්මීහු මෙහි පෙත්සම්කරුවෝ වෙති.

http://www.divaina.com/2012/07/26/news02.html