Archive for the ‘නුවරඑළිය ජිහාඩ් කැලෑ පුහුණු කඳවුර’ Category

 

නුවරඑළියේ දරුවන් සිව්දෙනකු අතුරුදන්

ඩග්ලස්‌ නානායක්‌කාර – නුවරඑළිය විශේෂ

පාසල නිමවී නිවෙස්‌ වෙත පැමිණි බාල වයස්‌කාර දරුවන් හතර දෙනකු ඉකුත් 19 දා සිට අතුරුදන් වී ඇති බව නුවරඑළිය පොලිසියට පැමිණිලි ලැබී ඇත.

නුවරඑළිය ලබුකැළේ වතුයායේ පදිංචිකරුවන් වන මෙම දරුවන් පාසල නිමවී සවස 3.30 ට පමණ තම නිවෙස්‌ වෙත පැමිණ පාසල් ඇඳුම් අහවර කොට සවස හයට පමණ අතුරුදන් වී ඇති බව ප්‍රකාශ වේ.

ඔවුන්ගේ දෙමවුපියන් විසින් නුවරඑළිය පොලිසියට කර ඇති පැමිණිලි අනුව පවුල් හතරක අබ්දුල් මොහොමඩ් හලීම් (14) අබ්දුල් රහුමාන් නියාස්‌ (10) ආර්. තෝමස්‌ (12) එස්‌. රුක්‌ෂාන් (12) මෙලෙස අතුරුදන් වී ඇත.

එදින සවස හයයි තිහට පමණ ඔවුන් පදිංචිව සිටින වතුයායට යාබද කැලය වෙත හතර දෙනාම යන අයුරු පිරිසක්‌ දැක ඇත.

එසේ යන විට අසල කඩයකින් බිස්‌කට්‌ හා බීම බෝතල් මොවුන් රැගෙන ගොස්‌ ඇති බවත් එක්‌ දරුවකු අත රාත්‍රි කාලයේදී දඩයමේ ගෙන යන විදුලි පන්දමක්‌ තිබී ඇති බවත් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අනුර අබේවික්‍රම, සහකාර පොලිස්‌ අධිකාරී ජී. විමලදාස යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ සිදු කෙරේ.

 

http://www.divaina.com/2014/05/21/news27.html