Archive for the ‘නියාස්‌ මවුලවි පදනම’ Category

 


අවුරුදු 300 ක්‌ පැරණි සියඹලා ගස කඩා වැටි පනස්‌ දෙදෙනෙක්‌ විපතේ
නිවාස 10 කට හානි

තුෂාරී කළුබෝවිල

වසර 300 ක්‌ පමණ පැරණි සියඹලා ගසක්‌ කඩා වැටීමෙන් පෙරේදා (05 වැනිදා) පුද්ගලයන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර නිවාස 10 කට අලාභ හානි සිදුවිය.

කොළඹ 12 පීර්සාහිබු වීදියේ 48 වත්තේ වසර 300 කට වැඩි කාලයක්‌ තිස්‌සේ පවතින බව කියන මෙම සියඹලා ගස පෙරේදා (5 වැනිදා) හදිසියේම කඩා වැටී ඇති අතර එයින් පවුල් 13 කට අයත් පුද්ගලයන් පනස්‌ දෙනෙක්‌ පමණ විපතට පත්වූහ.

මෙම අවස්‌ථාවේදී එතැනට පැමිණි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති µයිසර් මුස්‌තාපා මහතා තම පෞද්ගලික මුදලින් විනාශ වූ නිවාස තනාදීමට පොරොන්දු වූ අතර නියාස්‌ මවුලවි පදනම මැදිහත්වීමෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබාදීම සහ නගර සභාවේ සහාය ඇතිව කඩා වැටුණු ගසේ කොටස්‌ ඉවත් කිරීම සිදු කෙරිණි.

ප්‍රදේශවාසීන්ගේ ආරක්‌ෂාව උදෙසා මෙම සියඹලා ගස මුළුමනින්ම ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ නිලධාරීහු “දිවයින” ට පැවැසූහ.

http://www.divaina.com/2014/02/07/news23.html