* නියෝජ්‍ය ඇමැතිකමට උතුරෙන් විරෝධය

උතුරු පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරයෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්‌ ලබා දීමත් සමගම උතුරු පළාත තුළ දෙබරයකට ගල් ගැසුවා මෙන් දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හටගෙන තිබේ.

වන්නි දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්‌තාන් මහතාට ලබා දුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයට හින්දු කටයුතු ඈඳා තිබීමත් සමගම උතුරේම දෙමළ ජනතාව දැඩි විරෝධයක්‌ පාන්නට විය.

මේ විරෝධතාවය දේශපාලන පක්‌ෂ වශයෙන් පැන නැගීමක්‌ සිදු වූ අතර ඊට වඩා ආගමික වශයෙන් උද්ගත වූ විරෝධය දැඩි වී තිබේ. උතුරේ සෑම කෝවිලක්‌ ඉදිරිපිටම මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පමණක්‌ නොව ජනාධිපතිවරයාට එරෙහිවද විරෝධතා පැවැත්විණි.

ඒ අන්දමට විරෝධතා පැන නැගුණේ මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයා මුස්‌ලිම් ජාතිකයෙකු වීමත් ඔහුට හින්දු කටයුතු පිළිබඳව කටයුතු කිරීමට ලබා දීමේ ඇති අයිතිය සදාචාර සම්පන්න නොවන බවත් හුවා දක්‌වමිනි.

මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ උදවිය ව්‍යාපාර වශයෙන් ගවයින් මිලට ගෙන වවුනියාවේදී මස්‌ කොට එම ගව මස්‌ තොග වශයෙන් කොළඹට යෑවීම පිළිබඳව හින්දු ජනතාව ඔවුන් කෙරෙහි පැවති වෛරයද මේ අවස්‌ථාවේදී පිරිමසා ගනිමින් සිටිති.

මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයා දේශපාලනයට පිවිසීමෙන් පසුව ඔහු එම ව්‍යාපාරවලින් ඉවත් වූ බව මීට මාස තුනකට පමණ ඉහතදී මාධ්‍යයට ප්‍රකාශ කොට සිටියේය. ඒ ඔහුට අයත් වවුනියාවේ පිහිටි ඉන්ධන ගබඩාවකදී මහා පරිමාණයේ වංචාවක්‌ සිදු වූ අවස්‌ථාවේදීය. නමුත් ගවයින් මිලට ගැනීම හොර ගවයින් පොලිසියේ සහය ඇතිව වවුනියාවේදී මස්‌ කොට කොළඹට යෑවීම තවමත් සිදු වෙයි.

 

Src: http://divaina.com/daily/index.php/puwath-2/13111-2018-06-18-17-16-23 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )