මරියවත්ත මුඩුක්කුවේ මනාස්‌ අමීන් ගෙරි ලෙබි මරණය – ෆාතිමා මිලාරා අමීන් මව් ඩොන්කි දෙන පාසලට බනියි

Posted: මැයි 27, 2015 in ගඟේ ගිලී හුස්‌ම හිරවී මරණය, මියගිය තම්බි අංකුරයේ මුරණ්ඩුකමට පාසලට නිකරුනේ දොස් පැවරීම, මුස්ලිම් පළිගැනීමේ ක්‍රම, හජ් ඝාතන ඵල දීම

වතුර පාර සැර වැඩි නිසා
අපිට ගොඩට එන්න බැරි වුණා

එතකොටම මනාස්‌ ගඟ යටට ගියා

ඉස්‌කෝලේ අය
මේකට වග කියන්න ඕනෑ

දරුවාගේ මව

නියමිත වේලාවට කලින් යන්න
මම අවසර දුන්නේ නැහැ

පන්තිභාර ගුරුතුමිය

පාසල් වෙලාවේ දිය නෑමට ගොස්‌ මිය ගිය සිසුවාගේ මරණ පරීක්‍ෂණය

ඉස්‌කෝලෙ ශිෂ්‍ය නායක අයියලා අපට කීවා කලින් ගෙදර යන්න කියලා. කලින් ගෙදර යන නිසා ඉස්‌කෝලෙදීම අපි කථා වුණා ගඟට ගිහින් නාමු කියලා. අපි හතර දෙනෙක්‌ ගඟට ගියා. අපි ගඟේ උඩහට ගිහින් නෑවා. අම්මා කෙනෙක්‌ කීවා ඇති නෑවා ගෙදර යන්න කියලා.

අපි පීනාගෙන ගඟේ පහළට ආවා. එතකොට වතුර පාර සැර වැඩිවෙලා තිබුණේ. අපිට ගොඩට එන්න විදියක්‌ නැතිව ගියා. එතකොට මනාස්‌ ගඟ යටට ගියා යෑයි පාසල් කාලය තුළදී මහවැලි ගඟේ දිය නෑමට ගොස්‌ දියේ ගිලී මිය ගිය මනාස්‌ අමීන් නමැති 13 හැවිරිදි සිසුවාගේ මරණ පරීක්‍ෂණයේදී මොහොමඩ් රිල්වාන් සෙයිඩ් නමැති සිසුවා පැවසීය.

ගම්පොළ නාගරික හදිසි මරණ පරීක්‍ෂක නලින් මැදිවක මහතා විසින් එම සිසුවා ගොඩගත් ස්‌ථානයේදීම මෙහි මරණ පරීක්‍ෂණය පැවැත්විය.

ගම්පොළ සහිරා ජාතික පාසලේ අට වසර පන්තියේ ඉගෙනුම ලැබූ සිසුන් සිවුදෙනක්‌ මෙසේ ගම්පොල ඉල්ලවතුර ප්‍රදේශයේ මහවැලි ගඟට දියනෑමට ගොස්‌ තිබුණි. මොවුන් පාසලෙන් පෙ. ව. 10.30 ට පිටත්ව ඇති අතර ඉල්ලවතුර මහවැලි ගඟේ දිය නා ඇත්තේ 11.30 ට පමණ බව පොලිස්‌ පරීක්‍ෂණ වලින් අනාවරණය වී තිබිණි.

මියගිය සිසුවා ගම්පොළ මරියවත්ත ප්‍රදේශයේ අයෙකු වන අතර සිසුන් දෙදෙනකු ඉල්ලවතුර ප්‍රදේශයේත් අනෙක්‌ සිසුවා කහටපිටිය ප්‍රදේශයේත් නේවාසිකව ඉගෙනුම ලබන බවත් අනාවරණය වී තිබිණි.

මෙහිදී ගම්පොළ පොලිසියේ විවිධ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො. ප. ලක්‍ෂ්මන් ගමනායක මහතාගේ මූලිකත්වයෙන් පො. කො. 45171 උපාලි මහතාගේ සාක්‍ෂි මෙහෙයවීම මත සාක්‍ෂිදුන් මොහොමඩ් µයිසාල් යන අය මෙසේ පැවසීය.

මගේ ගේ තියෙන්නේ ගඟ අයිනේ. මම ගෙදර ඉන්නකොට ගෑණු කෙනෙක්‌ කෑගැහැව්වා ඇහුණා දියේ ගිලෙනවා කියලා. මම දුවලා එතනට යන කොට ළමයි තුන්දෙනෙක්‌ ගඟ මැද පොඩි ටයර් එකක එල්ලිලා හිටියා. මම පීනාගෙන එතනට ගිහින් ඒ අය ගොඩට තල්ලු කළා. වතුර පාර සැර නිසා ඒ අය ගොඩට ගන්න අමාරු වුණා. මඟක්‌ තල්ලු කරලා ඉතිරි ටික ලීයක්‌ දාලා ඇදලා ගත්තා.

මේ ළමයි ගොඩට අරන් තව කවුද හිටියේ කියලා ඇහුවට කීවේ නෑ. සැර කරලා අහන කොට එක්‌කෙනක්‌ යට ගියා කියලා කීවා. එතකොට ගඟේ එහා ඉවුරේ හිටිය ගෑනු කෙනෙක්‌ කෑ ගහලා කීවා තව කෙනෙක්‌ මේ ළමයි එක්‌ක හිටියා කියලා.

ඊට පස්‌සේ ගමේ අය එකතුවෙලා මේ ළමයා හෙව්වත් හොයා ගන්න බැරි වුණා. පහුවදා තමයි නාවික හමුදා කට්‌ටිය ඇවිත් මේ ළමයා ගොඩට ගත්තේ.

මිය ගිය සිසුවාගේ පියාවන මොහොමඩ් තාහිර් අමීන් මෙසේ පැවසීය.

මම කඩේ ඉන්න කොට. වීල් එකක ආව කෙනෙක්‌ කීවා. අන්න ඔයාගේ පුතා ගඟේ යටවෙලා කියලා. අපි ගඟ ළඟට එනකොට මිනිස්‌සු ගොඩක්‌ එතනට ඇවිත් හිටියා. ගොඩක්‌ අය ගඟට බැහැල පුතා හොයනවා.

පුතා ඉස්‌කෝලෙ යන්නේ එන්නේ ත්‍රීවිල් එකක. එයා ඉස්‌කෝලේ ගියාට පස්‌සේ මොනවා උනාද කියා මම දන්නේ නෑ. පුතාගේ මරණය ගැන මට සැකයක්‌ නෑ.

මෙහිදී ඉදිරිපත් වූ සාක්‌කි හා නිරීක්‍ෂණ අනුව මෙය දියේ ගිලී හුස්‌ම හිරවීමෙන් සිදුවූ මරණයක්‌ බව මරණ පරීක්‍ෂකවරයා නිගමනය කළේය.

ගම්පොළ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලක්‍ෂ්මන් ගමනායක මහතා මෙම මරණය සම්බන්ධයෙන් පාසලේ විදුහල්පති තැන්නේගෙදර උමාර් මොහිඩීන් නිලාබ්දීන් මහතාගෙන්ද කටඋත්තර ගෙන තිබිණි. එහිදී ඔහු මෙසේ පවසා ඇත.

පාසලේ ළමයින්ට මේ දිනවල පැවති විභාගය ඉවරවෙලා තිබුණේ. ඒ නිසා අපි දෙමාපියන් දැනුවත් කරලා තිබුණා කලින් ඇවිත් ළමයි අරන් යන්න කියලා මේ ළමයිනුත් එහෙම යන්න ඇති.

මෙම ළමුන් ඉගෙනුම ලැබූ 8 වසර පන්තිය භාර ගුරුවරිය වන ඒකනායක මුදියන්සේලාගේ චම්පිකා උපුල් ඒකනායක මහත්මිය.

විභාගය ඉවර වුණත් මේ ළමයින්ට පාසල ඉවර වෙන්න ඉස්‌සර නිවෙස්‌වලට යන්න කියලා මම උපදෙස්‌ දීලා තිබුණේ නෑ. මම ඒ අයට පාසලේ වැඩ පවරනවා. නමුත් මේ ළමයි 4 දෙනා කලින්ම පාසලෙන් ගිහින් තිබුණා. ළමයි ගැන හොයන කොට තමයි මේ ආරංචිය ලැබුණේ.

මෙහිදී මිය ගිය සිසුවාගේ මව වන ෆාතිමා මිලාරා අමීන් මාධ්‍ය වෙත මෙසේ පැවසුවාය.

අපේ ළමයි උදේ ඉස්‌කෝලේ ගියාම හවස ඉස්‌කෝලේ ඇරෙනකම්ම ඒ අය ඉස්‌කෝලේ ඉන්නවා කියලා තමයි අපි හිතන්නේ. අපිට ළමයි කලින් ගන්න කියලා නෑ. හවස ඉස්‌කෝලේ ඉවර වෙලා ආව නම් ඒ ළමයා ත්‍රීවීල් එකෙන් ගෙදර එනවා. පාසල් වෙලාවේ කලින් මේ අයට යන්න දුන්නු නිසා තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. ඉස්‌කෝලේ අය මේකට වග කියන්න ඕනෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )