සවුදි රජය දුන් මක්‌කම වීසා ගිල්ල තම්බි දේශපාලු නායකයෝ

Posted: පෙබරවාරි 25, 2015 in අපේ හොඳම ජිහාඩ් නායකයෝ, එම්. එච්. අබ්දුල් හලීම්

සවුදි රජය දුන් මක්‌කම වීසා හිටපු ඇමැතිවරු බෙදාගෙන!

ප්‍රියදර්ශන ලියනගේ

මක්‌කම වන්දනා කිරීම සඳහා සවුදි අරාබි රජය විසින් ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ජනතාවට වාර්ෂිකව ලබාදුන් කෝටා එකෙන් වීසා විශාල ප්‍රමාණයක්‌ පසුගිය රජයේ හිටපු මුස්‌ලිම් ඇමැතිවරුන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් විසින් තමන්ගේ හිතවතුන්ට පමණක්‌ ලබාදී ඇතැයි මුස්‌ලිම් ආගමික කටයුතු සහ තැපැල් සේවා අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් මහතා zදිවයින ඉරිදා සංග්‍රහයZට පැවසීය.

වැඩි දුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා මේ නිසා රට පුරා සිටින සියලුම මුස්‌ලිම් ජනතාවට සාධාරණය ඉටුවෙන පරිදි සවුදි අරාබි රජය විසින් මක්‌කම වැඳපුදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට ලබාදෙන කෝටා එක සාධාරණව බෙදා දීම සඳහා ජාතික මට්‌ටමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ සඳහා මුස්‌ලිම් ආගමික නායකයන්ගේ සහ ජනතාවගේ අදහස්‌ අපි ලබාගන්නවා.

පසුගිය රජය විසින් මුස්‌ලිම් ජනතාවට කුඩම්මාගේ සැලකිලි දැක්‌වීම නිසා සවුදි අරාබියෙන් අපිට ලැබුණු කෝටා එක අඩු වුණා. ගිය අවුරුද්දේ අපිට ලැබුණේ වීසා 2200 යි. මේ නිසා මුස්‌ලිම් ඇමැතිවරුන් අතරත් සංචාරක ආයතන අතරත් ගැටුම් ඇතිවුණා.

මේ වසර තුළදී සවුදි අරාබි රජයෙන් වීසා 3500 ක්‌ පමණ ලබා ගැනීමයි අපේ අරමුණ. මේ සඳහා සවුදි අරාබියේ හඡ්ජි ආගමික කටයුතු භාර ඇමැතිවරයා සමග මම පුද්ගලිකවම සාකච්ඡා කරනවා. සවුදි අරාබියේ අභාවප්‍රාප්ත රජුගේ අවමංගල්‍ය කටයුතු සඳහා ගිය අවස්‌ථාවෙත් මම මේ පිළිබඳව සාකච්ඡා කළා යෑයි ද ඇමැතිවරයා පැවසීය.

http://www.divaina.com/2015/02/08/news08.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )