රාමසාන් වලින් පසු තොග ගානට වල කජ්ජ ගැසූ තම්බියෝ

Posted: අගෝස්තු 26, 2013 in ඇෆ්ගනිස්‌තානය, ඉරාකය, ඊජිප්තුව, පකිස්ථානය, රටවල් නසන අති දූෂිත ඉස්ලාම් දේශපාලනය, සිරියාව


තලෙබාන් බෝම්බ ප්‍රහාරයෙන් එකම පවුලේ 14 ක්‌ නසිති
නැගෙනහිර ඇෆ්ගනිස්‌තානයේ සුසාන භූමියක පුපුරා ගිය බෝම්බයකින් එකම පවුලේ 14 දෙනකු මියගොස්‌ ඇත.
මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ පකිස්‌තානයේ නන්ගහාර් ප්‍රාන්තයේය.
මෙම ප්‍රහාරයෙන් මියගොස්‌ ඇත්තේ එම ප්‍රාන්තයේ නියෝජ්‍ය පොලිස්‌ ප්‍රධානියාගේ පවුලේ සාමාජිකයන්ය.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ තලෙබාන් සංවිධානය විසින් බව පොලිසිය කියයි.

 

 

 

 

 

http://www.divaina.com/2013/08/12/forign04.html

 


ඉරාකයේ බෝම්බ පිපිරීම් වැලක්‌
52 ක්‌ මරුට

ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයන් 52 ක්‌ මියගොස්‌ තිබේ. මෙම ප්‍රහාරවලින් සුන්නිවරුන් මෙන්ම ෂියාවරුන්ද මරණයට පත්වී තිබේ.
මෙම වසරේ රාමසාන් උපවාස මාසයේදී සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 671 ක්‌ මරණයට පත්වී ඇත.
මෙම ප්‍රහාර මාලාව සිදුව ඇත්තේ සෙනසුරාදා දිනයේය.

 

 

http://www.divaina.com/2013/08/12/forign05.html

 


ඊජිප්තුවේ ඉස්‌ලාමීය අන්තවාදීන් සහ පොලිසිය අතර වූ ගැටුමින් 300ක්‌ මරුට
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොර්සිට පක්‍ෂපාත පිරිස හා පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් 300 කට අධික පිරිසක්‌ මිය ගොස්‌ ඇත. මිය ගිය පිරිස අතර පොලිස්‌භටයන් 42 ක්‌ ද වේ. නසාර් නගරයේ රාමා මුස්‌ලිම් දේවස්‌ථානය අසල රංචු ගැසී සිටි විරෝධතාකරුවන් පොලිසිය වෙත පැට්‌රල් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.
ඔවුන් පොලිස්‌ ස්‌ථාන, ක්‍රිස්‌තියානි පල්ලි හා රජයේ කාර්යාලවලටද ප්‍රහාර එල්ල කර තිබේ.
පැය 12 ක්‌ තිස්‌සේ පැවැති ගැටුම්වලින් පසු පොලිසිය නසාර් නගරයේ පාලනය සියතට ගෙන ඇත.
විරෝධතාකරුවන්ට තවදුරටත් ක්‍රියාකිරීමට ඉඩදිය නොහැකි යෑයි අගමැති ගයන් බෙබ්ලාම් ප්‍රකාශ කර ඇත

http://www.divaina.com/2013/08/16/forign01.html

 


තලෙබාන් ප්‍රහාරවලින් සිවිල් වැසියෝ 17ක්‌ මරු දකිති
තලෙබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් වැසියන් 17 දෙනකු මරුමුවට පත් වී ඇත.
මේ සාමාන්‍ය වැසියන් බෝම්බ ප්‍රහාර වලින් මෙන්ම වෙඩි ප්‍රහාරවලින් මරුමුවට පත්වී තිබේ.
එක්‌ ප්‍රහාරයකදී මාර්ග ඉදිකිරීමේ කඳවුරක සේවය කළ කම්කරුවන් 9 දෙනකු ඝාතනය විය.
එරට රජය පවසන්නේ ඇෆ්ගනිස්‌තානයේ සතුරන් විසින් මේ ප්‍රහාර එල්ල කර ඇති බවයි.

http://www.divaina.com/2013/08/19/forign05.html

 


ඊජිප්තුවේ ගැටුම්වලින් 750 ක්‌ මරුට

හමුදාව සමග ඇතිවූ ගැටුම්වලදී මියගිය ඊජිප්තු ජාතිකයන්ගේ මළ සිරුරු අසල වැළපෙන ඔවුන්ගේ ඥතීන් ඡායාරූපයේ දැක්‌වේ. මෙම ගැටුම්වලදී ඊජිප්තු ජාතිකයන් සිය ගණනක්‌ ඝාතනය විය.
පසුගිය දින කිහිපය තුළ ඊජිප්තුවේ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 750 ක්‌ මරණයට පත් වී ඇත.
ප්‍රංශ පුවත් සේවයේ වාර්තා අනුව ජුනි 26 වැනිදා සිට මේ දක්‌වා ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 1042 ක්‌ මරණයට පත් වී තිබේ.
හිටපු ජනපති මොහොමඩ් මොර්සිගේ ආධාරකරුවන් හා හමුදාව අතර පසුගිය දින කිහිපය පුරාම ගැටුම් ඇතිවිය.
ඊජිප්තු අන්තර්වාර රජය පවසන්නේ ත්‍රස්‌තවාදීන් මර්දනය කරන බවයි.

http://www.divaina.com/2013/08/19/forign01.html

 


විරෝධතාකරුවන්ට වෙඩි තැබූ මුස්‌ලිම් බ්‍රදර්හුඩ් නායක මොහමඩ් බැඩී අත්අඩංගුවට ගනී
ඊජිප්තුව තුල විනාශකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට සැලසුම් කළ බව කියන අන්තවාදී මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ ප්‍රධානී මොහමඩ් බැඩී හමුදා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බැඩීව මුදාහරින ලෙස මුස්‌ලිම් බුදර්හුඩ් සංවිධානය කළ ඉල්ලීම ඊජිප්තු හමුදා පාලනය ප්‍රතික්‍ෂේප කර තිබේ.
පසුගිය ජුලි මාසයේදී හිටපු ජනාධිපති මුර්සිට එරෙහිව විරෝධතා දැක්‌ වූ පිරිස්‌ ඝාතනය කිරීම ගැන බැඩීට චෝදනා එල්ල වී ඇත.
මේ අන්තවාදී මුස්‌ලිම් නායකයාව දින 30 ක්‌ දක්‌වා අත්අඩංගුවේ තබන ලෙස රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා නියෝග කර තිබේ.

http://www.divaina.com/2013/08/22/forign02.html

 


සිරියාවේ නගර තුනකට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 1300 ක්‌ මරුට


සිරියානු හමුදා එල්ල කළ බව කියන රසායනික අවි ප්‍රහාරයකින් 1300 කට අධික පිරිසක්‌ මිය ගොස්‌ ඇත.
මියගිය පිරිස අතර වැඩි දෙනා ළමුන්ය. දමස්‌කස්‌ නුවර අසල පිහිටි අයින් ටමාටා සමල්කා යන පෝඛාන් යන නගරවලට මෙකී ප්‍රහාරය එල්ල වී ඇත.
ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ නගර වාසීහු නිදාසිටි බව කියති. මියගිය අප අතර ළමුන් හා කාන්තාවන් 213 ක්‌ද සිටින බව වාර්තාවේ.
මෙම සිද්ධිය ගැන බටහිර රටවල් පරීක්‍ෂණ අරඹා ඇත.

 

http://www.divaina.com/2013/08/23/forign01.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )