වර්ගවාදී ලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන්
රවුෆ් හකීම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌

මනෝඡ් අබේදීර – ලසිත දුමින්ද

අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා විසින් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී වර්ගවාදී ලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කිරීමට ජාතික විද්වත් සභාවේ මූලිකත්වයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක්‌ සූදානම් වී සිටිති.

2004 වර්ෂයේ අංක 491 දරණ ප්‍රකාශයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේදී අගවිනිසුරු විසින් යුක්‌තිසහගතව හා නිරවුල් ලෙස නීති ප්‍රවේශ විභාගය පැවැත්විය යුතු බවට දන්වා තිබෙන අතර රාවුෆ් හකීම් අමාත්‍යවරයා විෂය භාර ඇමැති ලෙස පත්වීමෙන් පසු එම පටිපාටිය උල්ලංඝණය වන ලෙස ක්‍රියාකර ඇතැයි ජාතික විද්වත් සභාවේ සභික නීතිඥ ප්‍රියදර්ශන ගමගේ මහතා ප්‍රකාශ කර සිටියි.

“2011 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල අස්‌වාභාවිකයි. එක ළඟ විභාග අංක තිබෙන මුස්‌ලිම් ළමයි විසි දෙනෙක්‌ සමත් වී තිබෙනවා. සහෝදරයන් දෙදෙනෙක්‌ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත්වූවත් නීති විද්‍යාලය ඒ පිළිබඳ විශේෂ සමීක්‍ෂණයක්‌ කරනවා. එසේ තිබියදී මෙවැනි පැහැදිලි අක්‍රමිකතාවයක්‌ තිබෙන බව පෙනී ඒ පිළිබඳ පරීක්‍ෂණයක්‌ නොකරන්නේ ඇයිදැයි” නීතිඥ ප්‍රියදර්ශන මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

2010 වසරේ රවුෆ් හකීම් මහතා අධිකරණ ධුරයේ වැඩ භාරගත් අතර, ඉන්පසු වසරවල නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වූ පිරිස හා එහි සමත් මුස්‌ලිම් සිසු සංඛ්‍යාව මෙසේය.

2010 වසරේ සිසුන් 237 ක්‌ බඳවාගෙන තිබෙන අතර, ඉන් 09 ක්‌ මුස්‌ලිම් සිසුන්ය. 2011 වසරේ 238 ක්‌ බඳවාගත් අතර, ඉන් 51 ක්‌ම මුස්‌ලිම් සිසුන්ය. 2012 වසරේ සිසුන් 309 ක්‌ බඳවාගෙන තිබෙන අතර, ඉන් 78 ක්‌ම මුස්‌ලිම් සිසුන් වේ. ඒ අනුව 2011 වසරේ සිට මුස්‌ලිම් සිසු පිරිසේ යම් වර්ධනයක්‌ තිබෙන බව පැහැදිලි වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

 

http://www.divaina.com/2012/12/23/news02.html

ප්‍රතිචාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )