හකීම් සහ අතාවුල්ලා පාර්ශ්වය ඊයේ අක්‌කරෙයිපත්තුහිදී ගැටෙති

ලසිත දුමින්ද

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ හා ඒ. එල්. එම්. අතාවුල්ලා පාර්ශ්වයේ ආධාරකරුවන් පිරිසක්‌ අතර ඇති වූ ගැටුමකින් අක්‌කරපත්තුව නගරය ඊයේ (31 වැනිදා) දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ උද්ගත වී තිබේ.

හසන් අලි හා හµSස්‌ යන අපේක්‍ෂකයන් ගමන්ගත් වාහන පෙළකට අතාවුල්ලා මහතාගේ ආධාරකරුවන් පිරිසක්‌ එල්ල කරන ලද ගල් ප්‍රහාරයත් සමග මෙම තත්ත්වය ඇති වූ බව පැµරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.

මෙම සිද්ධියෙන් පසුව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ අපේක්‍ෂකයන් හා ආධාරකරුවන් 200 කට ආසන්න පිරිසක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් අක්‌කරපත්තුව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරතව තිබේ.

දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය ඉදිරියටත් ඇතිවිය හැකි බැවින් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ප්‍රදේශයට යොදවන ලෙසට මැතිවරණ කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමක්‌ කළ බවද රෝහණ හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )