පාකිස්ථානය නම් ඉස්ලාම් වැසිකිළි වල

Posted: ජූනි 24, 2012 in පකිස්ථානය, රටවල් නසන අති දූෂිත ඉස්ලාම් දේශපාලනය
ටැග:


සර්දාරි වෙනුවෙන් බෙල්ල දුන් ගිලානි!

පකිස්‌තානය නැවතත් දේශපාලන අවුලක සිර වී ඇත. ඒ තලේබාන් සංවිධානය, අල්ඛයිඩා සංවිධානය හෝ එරට බලවත් හමුදාව නිසා නම් නොවේ. පකිස්‌තාන ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැති යුසූෆ් රාසා ගිලානි තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු නොවන බව ඉකුත් අඟහරුවාදා තීරණය කිරීම නිසා මේ දේශපාලන අවුල නිර්මාණය වී ඇත. ජල හිඟයෙන්, විදුලි බල හිඟයෙන් පීඩා විඳින පකිස්‌තාන ජනතාවට මේ දේශපාලන අවුල නිසා තවත් හිසරදයක්‌ නිර්මාණය වී ඇත. ගිලානි මහතා පකිස්‌ථානයේ 16 වැනි අගමැති වශයෙන් පත් වූයේ 2008 මාර්තු 25 වැනිදාය. පකිස්‌ථාන මහජන පක්‍ෂයේ උප සභාපතිවරයෙක්‌ද වන ඔහු හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ යටතේ 1993 සිට 1997 දක්‌වා එරට කථානායක ලෙසද කටයුතු කළේය.

ඇත්තෙන්ම ඉරාන සම්භවයක්‌ ඇති සරයිකි පරම්පරාවට අයත් මේ වැදගත් දේශපාලනඥයාට අගමැති පුටුව අහිමි වූයේ ඇයි.?

ඒ අන් කිසිවක්‌ නිසා නොව අසිෆ් අලි සර්දාරිගේ ස්‌විස්‌ බැංකුවල වත්කම් පකිස්‌තාන ශ්‍රේෂ්ඨාධිකරණයට හෙළිකිරීම ප්‍රතික්‍ෂේප කළ නිසාය. බෙනාසීර්ගේ සැමියා වන වර්තමාන පකිස්‌තාන ජනපති අලි සර්දාරි ස්‌විස්‌ බැංකු ගිණුම්වල ඩොලර් බිලියන ගණන් මුදල් තැන්පත් කර ඇත. මේ වත්කම් ලැබුණු ආකාරය මෙන්ම මේවායේ ඇති වත්කම් පිළිබඳව වාර්තාවක්‌ ලබාදෙන ලෙස පකිස්‌තාන ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය අගමැති ගිලානි විසින් ප්‍රතික්‍ෂේප කළ නිසා ඔහුට අද සිය ධුරය අහිමි වී ඇත. ස්‌විස්‌ බැංකු වාර්තා ලබාදීමට ප්‍රතික්‍ෂේප කළ නිසා පකිස්‌ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් අප්‍රේල් 26 වැනිදා තීන්දු කර සිටියේ ගිලානි අගමැතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවයි. මේ තීන්දුව ලැබුණු පසුත් ගිලානි සිය ධුරයෙන් ඉල්ලා අස්‌වූයේ නැත. ඔහු පැවසුවේ තමා මහජන ඡන්දයෙන් පත්වූවෙකු බවයි. කෙසේ නමුත් විපක්‍ෂයේ දේශපාලනඥයින් කිහිපදෙනකු නැවත මේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විට අවසානයේ 16 වැනි අගමැතිවරයාගේ මන්ත්‍රී ආසනයද නැති විය.

ඇත්තෙන්ම සර්දාරි ජනපතිවරයා ආරක්‍ෂා කිරීමට ගොස්‌ ගිලානි අගමැතිවරයා දේශපාලන වශයෙන් සිය දිවි නසා ගත්තේ යෑයි කිවහොත් නිවැරදිය.

ගිලානි අගමැතිවරයාට එරෙහි ලබාදුන් තීන්දුව නිසා පකිස්‌තාන ශ්‍රේෂ්ඨාධිකරණය හා පාර්ලිමේන්තුව අතර ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති විය. මන්ද, එරට පාර්ලිමේන්තුව මේ තීන්දුව අනුමත නොකළ නිසාය. එහෙත් පකිස්‌තාන අගවිනිසුරු ඉෆ්තිකාර් චවුද්රි ප්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තුවට ගරු කරන නමුත් ශේ්‍රෂ්ඨාධිකරණයේ ගෞරවයද ආරක්‍ෂා කළ යුතු බවය. නමුත් අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය ජයගත්තේය.

නිදහස්‌ පකිස්‌තානයේ වැඩිම කාලයක්‌ අගමැති ධුරය දැරූ පුද්ගලයා වන්නේ ගිලානිය. ඔහු වසර 04 මාස 02 ක්‌ හා දින 25 ක්‌ මේ ධුරය දැරීය. ලාහෝර් නුවර සිටින පකිස්‌තාන දේශපාලන විචාරකයකු වන හසන් අස්‌කාරි රිස්‌වි ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී පත්වන කවර අගමැතිවරයකුට වුවද මේ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බවය. පකිස්‌තාන සිවිල් ආණ්‌ඩුවට රතු එළි නිකුත් කළ අගවිනිසුරු ඉෆ්තිකාර් මොහොමඩ් චවුද්රි එරට බලවත් පුද්ගලයෙක්‌ බවට පත්ව ඇත. සැබවින්ම පකිස්‌තානයේ බලවත්ම පුද්ගලයා වන්නේ එරට හමුදාපති ජෙනරාල් ෆර්වේස්‌ කියානිය. ලොව බලවත්ම පුද්ගලයන් පනස්‌ දෙනා අතරටද කියානි පත් වේ. කෙසේ වෙතත් මේ අගවිනිසුරුවරයා එරට 18 වැනි අගවිනිසුරු ලෙස පත්කරනු ලැබුවේ හිටපු හමුදා පාලක ෆර්වේස්‌ මුෂාරෆ් විසිනි. ඒ 2005 ජුනි 30 වැනිදාය. පසුව මුෂාරෆ් විසින්ම මොහුගේ සේවය අත්හිටවූයේ 2007 දීය. චවුද්රි අගවිනිසුරුවරයාගේ සේවය අත්හිටුවීම හිටපු හමුදා පාලකයාට පාරාවළල්ලක්‌ විය. රට පුරාම ආණ්‌ඩු විරෝධීන් මෙන්ම නීතිඥයන් මුෂාරෆ්ට එරෙහිව කැරළි ගසන්නට වූහ. අවසානයේ මුෂාරෆ්ට බලය අතහැර රටින් පිටවන්නටද සිදුවූයේ අගවිනිසුරුගේ ප්‍රශ්නය මූලික කරගෙන පැමිණි ආණ්‌ඩු විරෝධයයි.

63 හැවිරිදි අගවිනිසුරුවරයාට එරෙහිව සර්දාරිගේ රජය මගින්ද ප්‍රහාරයක්‌ එල්ල කර තිබිණි. ඒ චවුද්රිගේ පුත් ආර්සලාන් ඉෆ්තිකාර් එරට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ මලික්‌ රියාස්‌ගෙන් මිලියන 342 ක්‌ ලබාගත් චෝදනාවයි. මලික්‌ තමා මේ මුදල ලබාදුන් බව පිළිගත් අතර එනිසාම අගවිනිසුරු තාත්තා විසින්ම සිය පුතාට එරෙහිව එල්ල වී ඇති අල්ලස්‌ චෝදනාවට එරෙහි නඩු විභාගයක්‌ ආරම්භ කර ඇත. ගිලානිගේ පක්‍ෂය එනම් පකිස්‌තාන මහජන පක්‍ෂය පවසන්නේ සිය අගමැතිවරයාගේ මන්ත්‍රී ආසනය අහිමි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ අගවිනිසුරුවරයාගේ පුත්‍රයාට එල්ල කළ දූෂණ චෝදනාව නිසා බවය. අද පකිස්‌තානයේ දේශපාලන අර්බුදයට මූලික හේතුව ආණ්‌ඩුවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් උනුන් අවි අමෝරාගෙන සිටීම බව පැහැදිලිය. හිටපු ක්‍රිකට්‌ නායක ඉම්රාන් ඛාන් වර්තමානයේ එරට ජනප්‍රිය දේශපාලන චරිතයක්‌ බවට පත්ව ඇත. බොහෝ දේශපාලන විචාරකයන් පවසන්නේ ඉදිරියේදී මහ මැතිවරණය පැවැතුනහොත් අගමැතිකම ලබා ගන්නේ ඉම්රාන් ඛාන් විසින් බවය. මේ හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයා නම් කෙලින්ම පකිස්‌තාන අගවිනිසුරුගේ තීරණයට පූර්ණ සහාය පළකරයි. ඔහු පසුගියදා ඉස්‌ලාමාබාද් නුවරදී දැවැන්ත මහජන රැලියක්‌ පැවැත්වූවේද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සහාය පළ කිරීම සඳහාය.

සර්දාරි ආණ්‌ඩුව හා ශ්‍රේෂ්ඨාධිකරණය අතර ඇති ගැටුම පිළිබඳව පකිස්‌තාන හමුදාව නම් නිහඬය. රට තවත් අවුලට ඇද වැටේ නම් හමුදා කුමන්ත්‍රණයක්‌ සිදුවීමේ අවදානමක්‌ද ඇත. අගමැතිවරයා ධුරයෙන් පහකර තිබියදී එරට පන්ජාබ් ප්‍රාන්තයේ මහජන කැරළි ඇතිව තිබෙන්නේ මේ දේශපාලන අවුල නිසා නම් නොවේ. ඒ විදුලිය කැපීමට එරෙහිවය. විදුලිය කැපීමට එරෙහිව පන්ජාබ් වැසියෝ මන්ත්‍රීවරයකුගේ නිවසක්‌ද ගිනි තබා විනාශ කර ඇත. මේ ප්‍රදේශවලට දිනකට විදුලිය ලැබෙන්නේ පැය දෙකකි. එය දේශපාලන අවුලටත් වඩා අවුලකි.

චතුර පමුණුව

 

http://www.divaina.com/2012/06/24/forign.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )